(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රඹුක්කන ඇතිවූ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
"විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ මණ්ඩලයක් අපට අවශ්‍යයි. එසේ නැතිව නොයෙක් පොලිසි වලට පරීක්ෂණ කරන්න කියා වැඩක් නැහැ.මේ ආණ්ඩුවට තිබෙන්නේ වැලිකඩ සිරකරුවන් ඝාතනය කළ ඉතිහාසයක්.එදා හමුදා බස් රථයටත් ගිනි තැබුවේ ආණ්ඩුවේ නියෝජිතයන්.වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ වගකීම අප බාරගන්නවා.යනුවෙන්ද සජිත් පේමදාස මහතා පැවසීය.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පක්ෂ නායකයන් කීවොත් ජනපති යන බව කතානායක කීවා - විපක්ෂ නායක
චන්දන Wednesday, 20 April 2022 12:56 PM
උද්ඝෝෂණ කරන අයට දෙන දඬුවම් ගැන සජිත්ට කතා කරන්න බැහැ.
nimalWednesday, 20 April 2022 04:27 PM
පක්ෂ නායකයින් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවා නම් ජනාධිපති ඉල්ලා අස්වී, සජිත් ජනපති කිරීම හැර වෙනත් විකල්පයක් නැත.
කිරි පුතා Wednesday, 20 April 2022 01:02 PM
මෙයා සැලසුම් කරනවා ඇති ඉන්න ජනාධිපතිතුමා එළවලා එයා එතැනට එන්න. එහෙම නම් මාරෙටම තියෙයි අපේ රට. නිකම් නාටක මාරයි නමය හමාරයි වගේ...
මහසෙන් Wednesday, 20 April 2022 01:11 PM
ගෝඨා ගෝ හෝම් වගේම සජිත් ස්ටේ හෝම් කියලා තමයි කියන්නේ. මේ වෙන ජීවිතහානි වගේම, මිනිස්සු විඳින දුක් කන්දරාවටත් ඔය කොයි අප්පුහාමිලත් වග කියන්න ඕනෑ. දැන් බෙරිහන් දෙයි ටික දවසක්. එතැනින් එහාදෙයක් නෑ. කිවයුත්තේ රටේ මීළඟ පාලකයා ඔයාවත්, ඔයාගේ ඔය සුජාත යයි කියන සෙට් එකවත් නොවේ...
වරුණWednesday, 20 April 2022 02:38 PM
ස්ටේ හෝම් වෙන්න ඕන රතු කමිසකාරයින් සහ ශ්‍රීලනිප නිල් කමිස කාරයින් ටික. ඇමරිකාවට බැන බැන රටට ඩොලර් ගේන්න පුළුවන්ද? බොරු දේශප්‍රේමේ තිබ්බට රට හදන්න බෑ. ලෝකේ වෙළඳාම තියෙන්නේ ආණ්ඩු අතේ නෙමෙයි. බිස්නස් කාරයින් අතේ. ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් පාලකයින් ටිකක් එන්න ඕනෑ. සමාජවාදෙන් රට ගොඩගන්න පුළුවන්ද? පිස්සු තමයි. ඔය ශ්‍රීලනිප සෙට් එකත් දැන් තේරුම් ගන්න ඕන බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් මේ රටට වෙච්ච විනාශයේ තරම. මැද මාවත, නොබැඳි බයිලා හින්දා තමයි අපි කොන්වුණේ. එකම විසඳුම බටහිර ලිබරල් වාදය පමණයි. අන්තිමට නැට්ට අකුළන් අයි.එම්.එෆ්. යන්න වුණු හැටි දැක්කානේ...!
කෝරලගේWednesday, 20 April 2022 03:48 PM
ඔව්, ඉතින් විපක්ෂනායකතුමා අවුරුද්දකටත් ඉස්සෙල්ලා ඉඳන් කිව්වා IMFයන්න ගත්තු ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා, රසායනික පොහොර ගොවියන්ට දීලා කාබනික පොහොර දිගු කාලයක් අරගෙන රටට හඳුන්වන්න කියලා... මේවා ඉතින් ටොම් පචනේ. දැන් තේරෙනවා නේද ඒවා ඒ වෙලාවේ කළා නම් අද වෙනකොට රට මේ අගාධයෙන් බේරගන්න තිබුණා කියලා. දැන්වත් විපක්ෂනායකතුමාට රට බාරදීලා මේ ආණ්ඩුවේ පිස්සු නඩේ ගියා නම් තමයි රටට සෙතක් වෙන්නේ...
aravinda monarawila Wednesday, 20 April 2022 01:47 PM
විපක්ෂයේ පක්ෂ නායකයින් ආයේ අලුතින් කියන එකක් නැහැ. රටේම මිනිස්සු පාරට බැහැලා කියන්නේ ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ කියලා. ඒක නොතේරෙන්න මෙයා පොඩි බබෙක් නෙවෙයිනේ...
බද්රානි Wednesday, 20 April 2022 07:25 PM
ඔය කවුරු මොනවා කිව්වත් බහිරවයින්ව දුම්මල ගහලාවත් එලවගන්න බැහැ කියල තමයි මම අහලා තියෙන්නේ... මනුස්සයින්ගේ රීරි මාංශ උරා බීලා තමයි ඔය කට්ටිය මේ ලෝකෙන් චුතවෙන්නේ...!