
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දීය ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එක්ව ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හදුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය.
ඉන්දීය ඔයිල් සමාගම එක්ව ඉදිරි සති හතරක පමණ කාලය තුළ වර්තමාන මිලට ඉන්ධන අළෙවි කර ඉන් පසුව ‘මිල සූත්‍රය’ හදුන්වා දෙන බවත් වර්තමාන මිලටම ඉන්ධන අළෙවි කිරීමට එල්.අයි.ඕ.සී. වාචිකව පොරොන්දුවක් ලබාදුන් බවත් අමාත්‍ය විජේසේකර මහතා කීය.
රට තුළ මේ වන විට පවතින ඉන්ධන හිඟයට හේතුව සැපයුමේ ප්‍රශ්නයක් වීම නිසා බවුසර්වලට සැළසුම්සහගතව ඉන්ධන නිකුත් කිරීමෙන් දින හතරක් තුළ තදබදය පාලනය වනු ඇති බවත් කී අමාත්‍යවරයා පැවසුවේ දින කීපයකට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති බවත්ය.
ඉදිරි දින කීපයේදී රටට ළගාවීමට නියමිත ඉන්ධන නෞකා පිළිබඳව කටයුතු කිරීමට ඉන් පසුව ප්‍රධාන කාර්ය වන බවත් බූලි සහ කෑන්වලට ඉන්ධන තව දුරටඑත් ලබානොදෙන අතරම ඉන්ධන ප්‍රමාණයේ සීමාව ඉවත්කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
බලශක්ති අමාත්‍ය ධූරය භාරගැනීමෙන් පසුව ප්‍රධාන කාර්ය ලෙස මිල වැඩි කිරීමට සිදුවීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව කී අමාත්‍ය විජේසේකර මහතා පීඩනයට පත්වී සිටින ජනතාව ඉන්ධන මිල වැඩි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත්වුවද ඉන්ධනවලින් ලබන පාඩුව අවම කරගැනීමට එම තීරණය ගැනීමට සිදුවූ බව ද සඳහන් කළේය.
පිරිවැයට වඩා අඩු මිලකට ඉන්ධන අළෙවි කිරීම නිසා ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 1,613 ක පාඩුවක් ලබන බවත් දිනකට පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 4200 ක් සහ ඩීසල් මෙටි්‍රක්ටොන් 6200 ක් සපයමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.
මෙම මිල වැඩි කිරීමෙන් ද තෙල් සංස්ථාව ඉන්ධන වෙනුවෙන් වැයකරන පිරිවැය ආවරණය කරගෙන නොමැති වීම නිසා මේ වන විටත් ඩීසල් ලීටරයකින් රුපියල් 162 කට ආසන්න පාඩුවක් ලබන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් ලීටරයකින් රුපියල් 217 ක පාඩුවක් ලැබූව ද භූමිතෙල් මිල ඉහළ නොදැමූ බවත්ය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා බලශක්ති අමාත්‍යංශයේ අද (19) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන ප්‍රතිඵලය සිපෙට්කෝ ඉන්දියාවට විකිණීම... ඕකේ සේවක රැල හැසිරුනේ රටේ පාලකයින් වගේ. හිතුණු වෙලාවට වර්ජන කරා පඩිවැඩි කරගන්න. වෘත්තීය සමිති කාරයින් මහරජවරු වගේ. දැන්වත් අවබෝධ වෙන්න ඕනෑ ආයතන විනාශ කරන්නේ සේවක රැල සහ රජය එකතුව කියලා. රාජ්‍ය ආයතන වෙළඳාමට අනවශ්‍යයයි. ඒක රටට බරක්...!