
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන් සහ එම්.එස් තවුෆික් යන මන්ත්‍රීවරුන් තිදෙනාද ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අද (20) දහවල් අසුන් ගත්හ.
ෆයිසල් කාසීම් සහ එම්.එස් තවුෆික් රාවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු වෙති.
ඉෂාක් රහුමාන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමිනි.
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී මේ තිදෙනා ආණ්ඩුවට සහාය පළ කරමින් එම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල දුටුකළ වල ඉහගන්න කිව්වලු. නැතිනම් ඇපත් නෑ.
කෝ තව මීයෝ එන්න. නැව ගිලෙන්න යන්නේ... අලුත් ව්‍යවස්තාවෙන් මේ ගෙඹි පැනිල්ල නවත්තන්නම වෙනවා...!
තොප්පිය හැරෙන - හැරෙන පැත්තටලු....