
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රඹුක්කන උද්ඝෝෂණකරුවන් ඉන්ධන ලීටර් 33,000 ක් සහිත බවුසරයක් ගිනි තැබීමට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට ඇති බලතල අනුව එය නැවැත්වීමට කටයුතු කළ බවත් තෙල් බවුසරයට ගිනි තිබ්බේ නම් අද රඹුක්කනක් නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු ඇදබාන්න එපා, ඔක්කොම වීඩියෝවල තියෙන පරණ තැටි දැන් හරියන්නේ නැහැ. මිනිස්සු කළේ ගින්දර නිවපු එක.
"මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා"! ලංකාවේ මිනිස්සු මෙතරම් අවාසනාවන්තයිද?
රඹුක්කන තියා අපිට රටක්වත් තියෙනවද?
ඒ ගිනිතිබ්බා නම්නේ... එහෙම දෙයක් වුනේ නැහැ. ගිනි තිබ්බා නම් පොලිසිය තමයි. ඒක අතේ රෝලක්. කඳ බඩ විතරක් තියෙන මේ වගේ කෙනෙකුට දෙන්න හොඳ ඇමතිකමක්ද මේ දීලා තියෙන්නේ?
මේ ඔයා හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කෝමලා පොහොට්ටු කාරයින් කියලාද? පොහොට්ටු කාරයින් හැර වෙනත් කිසිවෙක් තෙල් බව්සරයකට ගිනි තියන්නේම නැහැ.. ගිනි තියන්න සූදානම් වෙලා හිටියා කියන්නේ ඒක සැලසුමක් නිසා නේද?
කට ඇරියොත් බොරු කියන කෙනෙක් දැන් තවත් බොරු කියනවා. බවුසරේ ගිනිතියන්න මිනිස්සු ලෑස්ති වුණා කියලා. ඔහේට වඩා උද්ඝෝෂකයින්ට මොලේ තියෙනවා. ඔය කථාවත් තමුන්නැහේ කප්පන් ඉල්ලන්න සුද්ද සිංහලෙන් කරපු කථාව වගේ, හැබැයි කොල්ලො කප්පම් කථාව නම් යස අගේට රෙකෝඩ් වෙලා තියෙනවා.
එහෙමයි කියලා මිනිස්සු මරන්න පුළුවන්ද?
හොයලා බලන්න මෙයාද මේ විනාසෙ කළේ කියලා... ඇඟ තිබ්බට මොලේ නෑ.
විකාර. උද්ඝෝෂකයින් එවැන්නක් කරන්නක් කරන්න සූදානම් වූ බවට සාක්ෂි කිසිවක් නෑ. මේක තනිකරම කුහක ක්‍රියාවක්.
මෙන්න තවත් රාජපක්ෂලාගේ කෙනෙක්... කුජීතයි.
බොරු කියන්න එපා..
මේ පොහොට්ටුවන්ගේ මෝඩ කතා. ගිනිතියනවනම් ඔච්චර බලන් ඉන්නේ නැහැ.
ඔතන කියන බොරු එළියෙදි නම් කියන්න එපා. මුහුද මැද්දට ගිහිල්ලා කියන්න. මිනිස්සු රවට්ටපු කාලෙඉවරයි. යන්තම් අට පාස් කෙනෙක් තමයි මේ කියන්නේ.
මෙයාව මහජන ආරක්ෂක ඇමැති කලේ මේකටම නේද?
මුට්ටියක් දාන්න ගියේ නැද්ද? දැන්ම ගියොත් මහජනයා අනුකම්පාවත් කරාවිද?
රාජ්‍ය දේපළ ගිනිතියලා ඒ වැරැද්ද උද්ඝෝෂකයින්ගේ පිටින් යවන්න හදන්නේ කියලා වීඩියෝ වලින් ඔප්පු වෙලා තියෙන්නේ. අනේ තවත් බේගල් ඇදබාන්න එපා. හරි ආරක්ෂක ඇමැතියෙක්නේ මේ පත්කරලා තියෙන්නේ. රටක් ඉතුරු වුණොත් ලොකු දෙයක්...
රටට මෙච්චර වෙලත් මේ අය තවමත් ඕකෙම එල්ලිලා ඉන්නවනේ. හෙණ වදිනවා අනිවාර්යයෙන්ම..
මහජන ආරක්ෂක ඇමති හැටියට වැඩ බාරගෙන 24 පැයක් යාමට පෙර වැඩ පෙන්නුවා නේද? 'ස' පවරන වැඩ අකුරටම කරන බව පේනවා. අතීත අත් දැකීම එහෙම සලකා බලා ඉතා හොඳ විධියට ඇමතිකම් බාරදී තිබෙනවා
බොරු කියන්න තවත් කෙනෙක් ඇවිත්...
මෙහෙමත් මෝඩ මිනිස්සු. ලීටර් 33,000 තෙල් බවුසරයක් පිපිරිලා මුළු ගමක් අලුවෙයිද? ඇයි ගිනි නිවන උපකරණ මුළු රඹුක්කනටම නැද්ද? කරපු වරද වහගන්න මෙහෙම කතා කියන එක තමයි වැරැදි...
ජනතාව තෙල් බවුසරයට ගිනි තියන්න යන රූප රාමු තිබේනම් පෙන්වන්න.
මේ ගිනිතැබීම ආණ්ඩුව පැත්තෙන්ම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියේ කොටසක්...
මෙයා හොඳටම අපුල්ලන වැඩේ කරනවා. යකෝ මෙහෙ අය පොට්ටයින්, බීරන් කියලද හිතන්නේ... කමක් නෑ සර් හිතයි නේද හොඳට බැට් කරනවා කියලා. ඔහොම කරගෙන යං....