(සුජිත් හේවාජූලිගේ සහ ඉන්දිකා රාමනායක)
රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඇදිරිනීති කාලයේදී නිවෙස්වලටමවී කාලය ගත කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ ප්‍රදේශ හරහා ගමන් ගන්නා මහජනතාව විකල්ප මාර්ග භාවිතා කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණද රඹුක්කන පොලිසිය කළයුතු වන්නේ එම ප්‍රදේශවල සිටින්නා වූ බුද්ධිමත් තරුණයින් සමග සාකච්ඡා කර මෙවැනි අර්බුද නැවත මතු නොවන්නට දෙපාර්ශවය අතර යම් එකඟ තත්වයකට පැමිණීම වේ. එවිට තෙල්මිල හෝ වෙනත් කාරණයකදී හෝ හදිසි පාරවල් වැසීම වැනි අර්බුදයකදී පොලීසිය මැදිහත්වීම අවමකර එම තරුණ පිරිස් මූලිකත්වයෙන් එම ප්‍රදේශවල සිදුවන/ මතුවන අර්බුද අවම කරගැනීමට හැකියාව සොයා බැලීම වැදගත් වේ. එම තරුණයින් මගින් ඔවුන්ගේ ප්‍රදේශ පුරා මෙම පණිවිඩය ලබාදී රටට වෙනසක් ලබාගැනීමට නම් සියලුදෙනාම ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කළයුතු බව දැනුම් දී මෙය ලංකාවේ සියලු පොලිස්බල ප්‍රදේශ තුළ දියත් කළහොත් ඉදිරියේදී මතුවන ගැටළු අවම කරගැනීමට හැකිවේ. ජනතාව මේ වනවිට මුහුණදී තිබෙන්නා වූ ගැටළු විවිධාකාරය.. විරැකියාව, ඉන්ධන, ගෑස් සහ දරුවන් හට කිරිපිටි නොමැති වීම වැනි කරුණු නිසා ජනතාව සිටිනුයේ දැඩි ආවේගයකිනි. එමනිසා මේ අවස්ථාවේ පොලිසියේ ඉවසීම අත්‍යාවශ්‍ය වේ.