(ඩයනා උදයංගනී)

ආණ්ඩුවට සහය පළ කරමින් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාගත් ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන ඇත.

ඒ අනුව ඔහු මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, වන්නි දිස්ත්‍රික් නායක සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් යන තනතුරුවලින් ඉවත් කරන බවට පක්ෂ මහලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලිඛිත දැනුම්දීමක් කර ඇත.

පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු බලතල අනුව මෙම පියවර ගෙන තිබේ.