
(යසන්ත ආරියසේන)
හක්මන නගරයේ උද්ඝෝෂණයක නිරතවූ පිරිස ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ හක්මන කැබිලියපොල පිහිටි නිවස අසලට ගොස් විරෝධතාවයක නිරතවූහ.
හක්මන නගරයට පිවිසෙන සියළුම මාර්ග ස්ථාන කිහිපයකින් වසාදමා උද්ඝෝෂණයේ නිරතවූ පිරිස බෙලිඅත්ත මාර්ගය ඔස්සේ ගමන් කර කැබිලියපොල පිහිටි ජනාධිපති ලේකම්වරයාගේ නිවස වන අලවත්ත වලව්වට ඇතුළුවිමට උත්සාහ කළ අතර පොලිසිය එම උත්සහාය වැළැක්වීමට කටයුතු කළේය.
පසුව නිවස පිහිටි භූමියට ඇතුළු වන මාර්ගයේ ටයර් පුළුස්සමින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට විරෝධය පලකරමින් සටන් පාඨ කියමින් විරෝධය පලකළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා... හරි අපූරු බංගලාවක්නේ. පව් දුප්පත් අසරණයා. මොන තරම් මහන්සියෙන් හදාගන්න ඇතිද ඉතින්. ආදර්ශයට ගන්න ඕනේ..
දුෂිත රජයකට බැල මෙහෙවර කරන මේ කාලකන්නි ඔක්කොම එලවන්න ඕනේ