(ඉන්දිකා රාමනායක)

විශේෂ කාර්ය බළකාය වෙත අණුයුක්ත කර ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේ මුග්ධ අපරාධකරු වන සහරාන් හෂීම්  භාවිතා කළ ජිප් රථයක් නොව කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්ෂාෆ් අහමඩ්ට අයත් ජිප් රථය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පාස්කු ප්‍රහාර මාලාවේ මුග්ධ අපරාධකරුවන සහරාන් හසීම් නැමැත්තා භාවිතා කළ ජිප් රථයක් අමාත්‍යවරයකු විසින් භාවිතා කිරීම පිළිබඳව මාධ්‍යවල පළවී තිබු ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

එම ප්‍රවෘත්තියට අනුව සහරාන් හෂීම් විසින් භාවිතා කරන ලද වාහනයක් පොලිසිය බාරයට ගෙන නොමැති බවත් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.