
(ඩයනා උදයංගනී)
රඹුක්කනදී සිදු වු සිදුවීම දැඩිලෙස හෙළා දකින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
2015 වසරේ සිට තමා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක කාලය පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු නොදුන් බවද හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුල් කඳුළු නොහෙලා දෝෂාභියෝගයට සහාය දෙන්න..
බෝම්බවලින් උත්තර දුන්නනේ...!
සිරාවටම සිරා ඇත්ත. එහෙම කලේ නෑ. අනන්ත දුර්වලකම් මැද ඒ ශක්තිය, ධෛර්යය ඔහුට තිබුණා...!
ඇත්තටම ඔබ හෙළා දකින්නේ මොන සිද්ධියද? දුම්රිය මග හරස්කර දුම්රිය මගීන් බස්සවා අතරමංකර දැමූ, දුම්රිය මග හරස්කර විනාශයක් සිද්ධ කිරීමට වෙර දැරූ, මාර්ග වසාදමා ටයර් පුළුස්සමින් මහජනතාවට හිරිහැර වන පරිදි හැසිරුණු කඩාකප්පල් කාරීන්ගේ ක්‍රියාදාමය නම් ඔබ ප්‍රකාශ කළ යුත්තේ මහජනතාවට අවහිරවන පරිදි හා රාජ්‍ය දේපළ විනාශ කිරීමට උත්සාහ දැරූ රඹුක්කන කඩාකප්පල්කාරීන්ගේ ක්‍රියාව හෙලා දකින බවයි. එසේ නැත්නම් පොලිසිය වෙඩි තැබූ සිද්ධිය නම්, අර දුම්රියෙන් බස්සවා රස්තියාදු කර අතරමං කර දැමූ මගීන් හා ඔවුන් නැවත නිවෙස්වලට එනතෙක් නිවෙස්වල සිටින අහිංසක දරුවන් හා රෝගීන් අසරණ කරවන, පාසල් සිසුන් අතරමං කරවන, තම දරුවන් නිවෙස්වලට එනතෙක් හිතේ ගින්දරේ සිටින දෙමව්පියන් ගැන ඔබට වගේ වගක් නැත්ද? දැන්වත් සත්‍යවාදී වන්න. ඒය කඩාකප්පල්කාරි ක්‍රියාදාමයකි. ඔය හා සමාන ක්‍රියාවක් නුවර ප්‍රදේශයේ සිදුවනවිට දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණි එඩිතර පිරිසක් නිසා ඉතා අසීරුවෙන් බස් රථයක් පිටත් වනවාද දුටිමි. අන්තවාදීන් ආරක්ෂා කරමින් තවත් රට අවුළුවන්නට එපා. ප්‍රමාද වී හෝ පොලිසිය සිදුකලේ මහජනතාව හා රජයේ දේපල ආරක්ෂා කර ගැනීමයි...
දැන් සිටින ජනාධිපති නම් ගෘහස්ථ ගෑස් ඉල්ලන ජනතාවට නිර්ලෝභී ලෙස කඳුළු ගෑස් වලින් සහ ඉන්ධන ඉල්ලන ජනතාවට ජීව උණ්ඩවලින් සංග්‍රහ කරන්න පටන් අරන්... මේ ආරම්භය පමණයි.
මිනිස් ඝාතන හෙළා දකිමු.. නමුත් ඔබතුමාට කොන්ද පණ තිබුණාද කියලා මට නම් මතක නැහැ..!
බෝම්බවලින්නේ පිළිතුරු ලැබුණේ.. උන්නැහේ රටේත් නැහැ...!
රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමේ වගකීමත් ඔබ බාරගත යුතුයි.
පාස්කු බෝම්බෙන් මැරිච්ච තුන්සීයක් අහිංසක හා නිරායුධ අය තමයි.
කළ දුටු කළ වල ඉහගන්න නේද මේ දඟලන්නේ..?
පාස්කු ප්‍රහාරය නිසා මිනිස් ජීවිත කීයක් අහිමි වුණාද? තමුනුත් ඒවට හවුල්... කල් තියා දැනගෙන සිටියත් නිසි පියවරක් ගත්තේ නැහැ.