(සිරංගිකා ලොකුකරවිට)
කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 327ක් පමණ,ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේ බස් රථ කිහිපයකින් ඔවුන් රෝහලට ගෙන එන ලද බවයි. තවත් පිරිිසක් පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ. අද(20) උදෑසන ආහාර ගැනීමෙන් පසු මෙම තත්ත්වය ඇතිවී තිබේ. කුකුළු මස් සහිත ආහාරයක් මෙලෙස විෂ වී ඇති බවට සැකකරන බව වෛද්‍යවරු පවසති.
ආසාත්මිකතාවලට ලක්වූ පිරිස මේ වනවිට කරාපිටිය රෝහලේ වාට්ටුවලට ඇතුළත් කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිලක පිරි අවුරුදු සිරි මේ...!