(කාංචන කුමාර ආරියදාස)

හොර රහසෙ ඉන්දියාවෙන් ගෙන්වන ලද වියලි කහ තොග හේතුවෙන් දේශීය අමු කහ මිල විශාල වශයෙන් පහත වැටීම් නිසා ගොවීන් සිය අස්වැන්න නෙලීම අතහැර දැමීමත් සමග දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි දඹුල්ල,ගලේවෙල,නාවුල,සීගිරිය,ආදී ප්‍රදේශවල කහ ගොවීහු පවසති .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අමු කහ කිලෝවක් පසුගිය වසරේ රුපියල් 650ක් 700 අතර මිලකට අලෙවි වුවද මේ වනවිට අමු කහ කිලෝව රුපියල් 80 ත් 90 ත් අතර මිලයකට පහත වැටී ඇතැයි ද එම මිල ගණන්වලට හෝ අලෙවි නොවන බව කහ ගොවීහු පවසති.

අර්තාපල් අල සහ ලොකු ලූනු ආනයනය කරන ගබඩා වලින් ඉන්දියාවෙන් හොර රහසේ ගෙන්වන වියළි කහ විශාල වශයෙන් කහ කුඩු නිෂ්පාදන කරන මහා පරිමාණ මෝල්වලට ලබාදීම නිසා තම නිෂ්පාදන අලෙවි නොවෙන බව ද මේ වනවිට තම වගාවන් වගාබිමේදීම විනාශ වෙමින් පවති.