(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රඹුක්කනදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විවිධ සටන් පාඨ සහිත විරෝධතා පුවරු ඔසවමින් විරෝධතාවක යෙදීම නිසා මැතිසබයේ දැඩි උණුසුම්කාරී තත්වයක් අද (20) පෙරවරුවේ ඇතිවිය.
මේ උණුසුම්කාරී තත්වය නිසා සභාව පාලනය කර ගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දිගු වේලාවක් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
එහෙත් පාලනය කරගත නොහැකිවූ තැන මැතිසබය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එක් අවස්ථාවකදී විනාඩි 10 කට කල් තබනු ලැබීය.
රඹුක්කන සිද්ධියට විරෝධය පළ කිරීමේ පියවරක් ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් "ලේ එපා" යනුවෙන් සඳහන් ස්ටිකරයක් සිය ඇඳුම්වල අලවාගෙන මැති සබයට පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය.
මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රඹුක්කන සිද්ධිය ගැන ප්‍රකාශයක් කිරීමට නැඟී සිටි අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සිය අසුන්වලින් නැගිට ඔහුට එක දිගට බාධා කරන්නට වූහ.
එහෙත් එම බාධා කිරීම් මධ්‍යයේ ප්‍රසන්න රණතුංග මහතා සිය කතාව දිගටම කරගෙන ගියේය.
මේ අවස්ථාවේදී සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් " නායකයෝ මිනීමරුවෝ රඹුක්කනදී මිනීමැරුවා " යනුවෙන් එකහඬින් කෑගසනු දැකගත හැකිවිය.
මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විවිධ චෝදනා නගමින් කෑකෝ ගසන්නටවූහ.
සභාවට නොගැලපෙන වචනද මෙහිදී හුවමාරුවිය.
ප්‍රසන්න රණතුංග මහතාගෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා කිරීමට පටන් ගත් අතර ඔහුට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම බාධා එල්ලවීම නිසා සභාව යළි උණුසුම්විය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු " මිනී මරුවා" " මිනී මරුවා" යනුවෙන් පවසමින් විරෝධතාවයේ යෙදුනහ.
මේ අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සභාගර්භයේ සිටියේය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සියලු දෙනා මේ ආකාරයට කටයුතු කිරීමෙන් රටේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි.
සාකච්ඡා කර මේ ගැන විසඳුමකට පැමිණීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාර්ලිමේන්තු ඇතුලේ ඉන්න කාටවත් මේ ගැන කතා කරන්න බැහැ. හැම කෙනාගේම අතේ ලේ බිංදුවක්වත් ගෑවිලා තිබෙනවා.
තෙල් බවුසර් විනාශ කරන්න උත්සාහ කරන මිනිහෙකු අහිංසකයෙකු නොවේ. රාජ්‍ය දේපල විනාශ කළාම දුක්විඳින්න වෙන්නේ රටේ ජනතාවටයි...