(යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහභාගි වෙමින් සිටි කාන්තාවක් අද (18) පස්වරුවේ හදිසියේ රෝගීවීම හේතුවෙන් ඇය රෝහල්ගතකිරීමට එම ස්ථානයේ ස්ථාපිත වෛද්‍ය මධ්‍යස්ථානය පියවර ගත්තේය.

රෝගී වූ කාන්තාවට එහිදී ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව ගිලන් රථයකින් රෝහල වෙත ගෙනයෑමට කටයුතු කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)