ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය මාධ්‍යයේ රෝහල් වල ඖෂධ සහ අත්‍යාවශ්‍ය සැපයුම් තොග අවසන් වෙමින් යනබව වෛද්‍යවරුන් පවසයි.

ජාත්‍යන්තරයේ උදවු ඉක්මණින් නොලැබුණහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරු බිය පළ කරති.

"දවසින් දවස හැමදේම ටිකින් ටික ඉවර වේගන යනවා,මෙහෙම ගියොත් අවස්ථාවක් එනවා අවශ්‍ය කරන ඖෂධ සහ සැපයුම් නැත්තටම නැතිවෙන ඒ වෙලාවට අපි මොකද කරන්නේ"ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ  සංගමයේ ලේකම් වෛද්‍ය ඥණසේකරම් මහතා කණස්සල්ලෙන් පැවසීය.

"අපිට අත්‍යාවශ්‍ය ඖෂධ ,නිර්වින්දන ඖෂධ සහ ශල්‍ය කර්මයකදී මැසීමට යොදා ගන්නා සැපයුම් වල  තොග අවසන් වේ ගන යන්නේ ඉතා ඉක්මණින් සහනයක් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටේවි"වෛද්‍ය ඥණසේකරම් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම සම්මුඛ සාකච්ඡා වෛද්‍ය ඥණසේකරම් මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන්  ජාත්‍යන්තර ප්‍රජාව ආධාර ලබා දීම සඳහා දිරිමත් කිරීමේ අටියෙන් ලබාදුන් බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ ඖෂධ වලින් සියයට 85 ක ප්‍රමාණයක් ආනයනය කරන අතර දැනට පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ විදෙස් සංචිත පහත වැටී ඇති නිසා අත්‍යාවශ්‍ය ඖෂධ තොග ලබා ගැනීමට අපොහොසත් වී ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා රෝහලේ දොස්තර විජේසූරිය මහතා දැනට රෝහලේ නිර්වින්දනය කිරීමට යොදා ගන්නා ඖෂධයක් වන ඇට්‍රකියුරියම් පවතින්නේ තවත් මාස දෙකකට බවත් වේදනාශක ඖෂධයක් වන ෆෙන්ටනිල් තොග පවතින්නේ තවත් සති දෙකකට බවත් ප්‍රතිජීවක ඖෂධ වර්ග තුනක් දැනටමත් "තොග අවසන්" වී ඇති බව එතුමා බී.බී.සී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.මේ හේතුවෙන් රජය විසඳුමක් ලබා දෙන තෙක් හැකිතාක් ආදේශකවලට යොමුවන බව දොස්තර විජේසූරිය මහතා ප්‍රකාශ කර ඇත.

නම ප්‍රකාශ කිරීමට අකමැති වෛද්‍යවරයෙක් පැරසිටමෝල්,ප්‍රතිජීවක ඖෂධ සහ සේලයින් නොමැති වීම හේතුවෙන් සති දෙකකින් පසු එක් රෝහලක ශල්‍ය කර්ම නතර කිරීමට සිදුවනු ඇතැයි බී.බී.සී පුවත් සේවයට පවසා ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු)