
(ටී.කේ.ජී.කපිල )
තරුණයන්ගේ ජන අරගලයට සහභාගී වීම සදහා තමා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බව , සම්මානනීය නළු හිරාන් අබේසේකර මහතා අද (18) දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවසීය .
ඔහු පසුගිය දා එංගලන්තයේ දී ඔලිවර් සම්මානය දිනා ගැනීමට සමත් වූවේය. තමන් මේ වනවිට එංගලන්තයේ ස්ථිර පදිංචිකරුවෙකු වන බවත් , තමන්ට ශ්රීු ලංකාවේ තරුණයන්ගේ ජන අරගලය පිළිබඳව දැන ගැනීමට ලැබුණ බවත් , ඒ අනුව එයට සහාය දීම සදහා පැමිණි බවත් හිරාන් අබේසේකර මහතා පැවසීය .
ඒ අනුව තමන් කටුනායක ගුවන් තොටුපළේ සිට කෙලින්ම කොළඹ ගෝල්ෆේස් පිටිය බලා පිටත්ව යන බවත් , තමන් මෙම ශ්රී ලංකාව තුළ දින 06 ක් රැදී සිටිමින් මෙම අරගලයට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් පැවසීය .
හිරාන් අබේසේකර මහතා අද (18) දින දහවල් 12.40 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්රීඅ ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළු නිළියෝ පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මේකට ජන අරගලයක් කියන්න බෑ...
සැබෑ ජන අරගලය ඉතා හොඳයි. එය අවංකයි. අහිංසක මිනිසුන් දුක්විඳ දරාගන්න බැරිවයි අරගලය පටන් ගත්තේ... නමුත් දැන්දැන් එම අරගලය පිටුපස භයානක අත් ක්රියාත්මක වන වගක් පෙනෙන්නට තිබෙනවා. ලෝකයේ කිසිම රටකට ස්වාධීනව හිස ඔසවන්න නොදෙන බටහිර බලවේගවල නිර්මාණයක් විය හැකියි. මේ හදිස්සියේ මතු වූ නළුවා. සියල්ල දෙස ඇස් ඇරන් බලා සිටිමු.