(මනෝප්‍රිය ගුණසේකර)
පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම් නියම කළ පාකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය එම චෝදනාවන්ටම වරදකරුවන් වු තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිනි.
ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ බවට නඩු විභාගයේදී අනාවරණය වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නියම කෙරිනි”
විත්තිකරුවන් 89 දෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිනිල්ල විසින් ඔප්පු කොට ඇති බව තීරණය කරමින් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කෙරිනි.
2021 වසරේ දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියල්කෝට් නුවරදී එහි ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතාට ඉස්ලාම් ආගමට අපහාස කරන ලදැයි කියමින් පහරදී මහමඟ ඇඳගෙන ගොස් ගිනි තබා මරාදැමීමේ චෝදනා යටතේ පාකිස්තානු ජාතිකයින් 900 කට එරෙහිව පාකිස්තානු පොලිසිය විසින් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණයේ නඩු පවරා තිබිනි.
සිද්ධිය වී මාස කිහිපයක් අතුලත පාකිස්තානු පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව මාස කිහිපයක් තුළ විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කළ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නඩු විභාගයේදී සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් ඇතුලු 43 දෙනෙකුගේ සාක්කි විමසන ලදී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් 900 දෙනාගෙන් විත්තිකරුවන් 89 දෙනකුට එරෙහි චෝදනා පැමිනිලි පාර්ශවය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බව තීරණය කළ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය මෙම අපරාධයට ඝෘජුවම සම්බන්ධ වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම්ද තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම්ද නියම කෙරිනි.
මෙම ඝාතන සිද්ධියේ සිදුවු සිද්ධීන් වලට සම්බන්ධ බවට සාක්කි ඉදිරිපත් වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අධිකරණය විසින් වැඩිදුරටත් නියම කෙරිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තාන්නේ එහෙම උනත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ.
අන්න අධිකරණ. මෙහේ නම් රසපරීකෂක වාැ්තාව තවම නැහැ, ලියවිලි වල ෆොටෝ කොපි දාල නැහැ. විත්තිකරුවන්ට හෙම්බිරිස්සාවක් හරදිල කියල තාම පළමු නඩු වාරෙ
මෙන්න සුපිරි නඩු තීන්දු . අවුරුදු ගණන් වවාගෙන කාල නැහැ . අපේ රටට හොඳ ආදර්ශ .
පාකිස්තානු අධිකරණයට ස්තූති වේවා .. ඒත් අපේ රටේ මහමඟ ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංග,තාජුඩීන් හා අතුරුදහන් වූ එක්නැලිගොඩ ගැන,පාස්කු මිනීමරුවන්ට තවමත් දඬුවම් ලැබී නැහැ.
ලංකාවේ නඩු අවුරුදු ගනන් අදින්නේ කවුද? මේ නඩුව ලංකාවේ වුනානම් තවම පරීක්ෂණ කියල යට ගගහ කල් මරනව. නීතිය හරි අසාධාරණයි අපේ රටේ. අනික අධිකරණය වැරදිකාරයෝ කරපු මිනීමරුවො නිදහස්ව පාර්ලිමේන්තුවේ සහ රජයේ ඉහළම නිලවල. වෙසඟනුන් එක්ක ගිහිල්ල හිරගෙවල්වල පාට්දාපු එකා දරුවො මදාවිකමේ යවපු එකා රාජ්‍ය ඇමති..... ඉතින් කොහොමද අධිකරණය නීතිය ක්‍රියාත්මක කරන්නේ. අධිකරනයත් අපිත් අසරණයි මේ වගේ ජරා පාලකයන් යටතේ.
එවැනි කාර්යක්ෂම න ු ඇසීමකට අපගේ ආදාරය
පකිස්ථානයෙ අධිකරණයට සහ ඉම්රාන් ඛාන් ට ස්තුතියි. ආයෙත් මෙවැනි දෙවල් නොවෙන්න හොඳම දඩුවමක් දුන්නෙ.
අපේ නම් පාස්කු ප්‍රහාරයෙන් සිය ගානක් මැරිලත් අවුරුදු තුනක් ගිහිල්ලත් චූදිතයෝ හසු වුනු බවක් පේන්න නෑ. මේ රට මුස්ලිම් වෙලත් නීතිය තියනවානෙ.