(ඩයනා උදයංගනී)
ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව, සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් මෙලෙස ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බවද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ජනතාවට වග කියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි ද එහි දැක්වේ.
එම සංශෝධිත ව්‍යවස්ථාව මඟින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බව ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ. මල්ලිගෙ බලය ආපහු අයියා අතට.
තව දුරටත් රට විනාස නොකර,පිනක් දහමක් කරගෙන,ජීවිතයේ අන්තිම දවස්කිහිපය සැහැල්ලුවෙන් ගත කරන්න උනන්දුවෙන්න.
මොන දෙයක් කලත් කමක් නැහැ නැවත සතයක්වත් ණයට නොගෙන රට ණය උගසින් බේරා දීල කරන දෙයක් කරනවා නම් තමයි හොද අග්‍රාමාත්‍ය තුමාගේ වත්කමින් විතරක් පුළුවන් නේද ණය ගෙවා රට නිදහස් කරල දෙන්න අනාගත පරපුරට ඒක කරන්න අගමැති තුමනි රට ගැන හිතල අනාගත පරපුර ගැන හිතල ගොඩාක් පින්
ජනාධිපති ඇතුලු සියලුම නියෝජිතයන් සාමාන්‍ය පුරවැසියන් සේ සලකා නීතිය කියාත්මක කල හැකි ව්‍යවස්ථාදායකයට වැඞි බලතල හිමි ව්‍යවස්ථාවක්