
(අජන්ත රත්නායක)
නව අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය සභාව සූදානම් කළ අලුත් අවුරුදු තේ මේසයේදී පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එක් මන්ත්‍රීවරයකු අද දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංජය ඇතුගල මහතා මෙලෙස රෝහල් ගතකරනු ලැබීය.
කුරුණෑගල ප්‍රාදේශීය සභා සීමාව තුළ පාරිසරික හානි සිදුකෙරෙමින් පවත්වාගෙන යන පස් කැපීම් පිළිබඳ යෝජනාවක් විවාදයට ගත් අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා කරගනිමින් කෑකෝ ගැසීම නිසා සභාව එකම කාලගෝට්ටියක් බවට පත්විය. ඒ අතරතුරදී විරෝධතා වැකි ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පළකිරීමට ද විපක්ෂ මන්ත්‍රීවරු කටයුතු කළහ.
සභාව කල් තැබූ සභාපති අචල නිමන්ත වික්‍රමතිලක මහතා මූලාසනයෙන් ඉවත්වීමත් සමගම සභාවේ වැඩකටයුතු අවසන් විය.
එයින් පසුවත් සභාගර්භයේ රැඳුණු මන්ත්‍රීවරුන් දිගින් දිගටම එකිනෙකාට චෝදනා කරගත් අයුරු දැකගත හැකි විය.
ප්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් කුමාරසිංහ මහතා විසින් නව අවුරුදු තේ මේසය සඳහා මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සභා ශ්‍රවණාගාරය වෙත ගොස් තේ පැන් සංග්‍රහයට සහභාගී වූහ.
තේ පානය කරමින් සිටි සංජය ඇතුගල මහතා අසලට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අසංක රණසිංහ මහතා ඔහුට බැණවදින්නටවීම නිසා මන්ත්‍රීවරුන් දෙදෙනා අතර යළිත් බහින්බස්වීමක් ඇතිවිය. බහින්බස්වීම අතරතුරදී අසංක රණසිංහ මහතා විසින් එක්වරම ඇතුගල මහතාට පහර දෙන්නටවීමෙන් අලුත් අවුරුදු තේ මේසය ගුටි බැට හුවමාරුවක් බවට පෙරැළිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ගේ හැටියටනේ ගෝලයෝ හැදෙන්නේ... ජොනීගේ කට්ටිය මීට වඩා වෙනස් හැසිරීමක් පෙන්වන්නේ නැහැ.
රෝහලට යවලා මොනවා කරන්නද?