
පකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වූ ශ්‍රී ලංකා ජාතික ප්‍රියන්ත කුමාර මහතාගේ මිනීමැරුම් නඩුවේ තීන්දුව අද(18) ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දිනපතා විභාගයට ගත් නඩුවේ පැමිණිලිකාර පාර්ශවය සහ විත්තිකාර පාර්ශවය තමන්ගේ තර්ක ඉදිරිපත් කර අවසන් අතර නිලධාරීන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද සටහන් කර අවසන් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
ගිය වසරේ ප්‍රියන්ත කුමාර මහතා (48) පකිස්තානයේ සියල්කොට් නුවරදී අමානුෂික ලෙස ඝාතනය විය.නඩු විභාගය නතාෂා නසීම් විනිසුරුවරිය යටතේ විභාග වූ අතර එහිදී ඇසින් දුටු සාක්ෂිකරුවන් 46 දෙනෙක්ගෙන් ප්‍රකාශ,සී.සී.ටී.වී කැමරා 10 ක දර්ශන,චුදිතයන් 55 දෙනෙකු ගේ ජංගම කැමරා වල ගබඩා වී ඇති දර්ශන අධිකරණය විසින් ලබා ගෙන ඇත.
මෙම නඩු විභාගයේදී පුද්ගලයින් 89 දෙනෙකුට චෝදනා ගොනු කර ඇති අතර ඉන් නව දෙනෙක් බාලවයස්කරුවන් බව බලධාරීහු ප්‍රකාශ කළහ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd