
(නිමල කොඩිතුවක්කු)
ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් සහ ගෑස් හිඟය හේතුවෙන් කොළඹ සහ පිටපලාත්වල ඉන්ධන පිරවුම් හල් සහ ගෑස් අළෙවිසැල් බොහෝමයක් අද (18) දිනයේ වසා දමා තිබිණ.
විවෘතව තැබූ ඉන්ධන සහ ගෑස් පිරවුම්හල් අසලත් දිගු පෝලිම් දක්නට ලැබිණ.
ඉන්ධන සහ ගෑස් හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකිවිය.
ඉන්ධන සහ ගෑස් හිඟයත් සමග දිවයිනේ බොහෝ පිරවුම්හල්වල ගැටුම්කාරී තත්වයන්ද හට ගැණින’ මෙම තත්වයන් පාලනය කිරීමටත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහාත් පොලීසියට අමතරව හමුදා නිළධාරීන් යොදවා සිටිනු දක්නට ලැබිණ.
ජනතාව බූලි සහ කෑන් රැගෙන පැය ගණන් දිගු පෝලිම් වල රැදී සිටිනුද දක්නට ලැබිණ.
ජනතාව ගෑස් සිලින්ඩර රැගෙන පැය ගණන් පෝලිම් වල රැදි සිටින අතර ඇතැම් පිරිස්වලට ගෑස් නොමැතිව හිස් සිලින්ඩර රැගෙන යලි නිවෙස් බලා යාමටද සිදුවිය.
ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් බෝතල් සහ කෑන් සඳහා ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා තිබීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍රා, කෘෂි උපකරන යන්ත්‍ර රැගෙන ජනතාව පෝලිම්වල සිටිනු දක්නට ලැබිණ.
ඊයේ පස්වරුව වනවිටත් කොළඹ සහ පිට පලාත් වල බොහෝ ඉන්ධන පිරවුම් හල් වලට ඩීසල් සහ පෙට්‍රල් නොලැබුන බවද වාර්තා විය.
ඉන්ධන හිගය හේතුවෙන් බස් රථ ඇතුලු මගී ප්‍රවාහන සේවා භාන්ඩ ප්‍රවාහන සේවා, සඳහාද දැඩි බලපෑම් එල්ල වූ බව භාණ්ඩ ප්‍රවාහන සේවා හිමිකරුවෝ සහ බස් රථ සංගම් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd