
(සුජිත් හේවාජුලිගේ)
ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා කීවේය.
ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ඔහු පැවසුවේය .
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු ඒ අමාත්‍යවරුන් අමතමිනි.
රජයෙන් අතපසුවීම් සිදුවූ බවත් එම අතපසුවීම් නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට තමා සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් සාකච්ඡා කර සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවද ජනාධිපතිවරයා කීවේය.
ඇමැති තනතුරු වරප්‍රසාද නොව විශාල වගකීමක්වන හෙයින් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකර අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැප වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් කළේය.
සියලු ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ඒවා බවට පත් කළ යුතු යැයිද බොහෝ ආයතන බරපතළ මූල්‍ය අර්බුද තත්වයක පවතින හෙයින් රැකියාවලින් ඒවා පිරවීමට කටයුතු නොකර රැකියා නිෂ්පාදනය කරන ආයතන බවට පත් පත් කිරීම අමාත්‍යවරුන් සතු වගකීමක් යැයිද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ආර්ථික අර්බුදය නිසා මතු වූ ගැටලු රාශියකින් ජනතාව පීඩාවට පත්ව සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ ගැන කනගාටු වන බවද පැවැසුවේය.
වර්තමාන අභියෝග සහ දුෂ්කරතා කළමනාකරණය කිරීමේ වගකීම පැහැර නොහරින බවද ඔහු කීවේය.
ජනතාව පත්ව සිටින දුෂ්කරතාවයෙන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම්කරුවන් පිරිසක් බිහිවී සිටින බවත් මෙවැනි ජාවාරම් මැඩලීමට රජය මැදිහත් වන බවත් රාජපක්ෂ මහතා පැවසීය.
දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාදවූ ඇතැම් තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් ගත යුතුව ඇති බවද ජනපතිවරයා කීවේය .
ආර්ථිකය නිවැරදි මගට ගෙන අනාගත පරම්පරාවේ අපේක්ෂාව ඉටු වන රටක් ගොඩනැගීමේ වගකීම රජය සතු වන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කර අර්බුදයෙන් රට මුදා ගන්නා බවද සඳහන් කළේය.
මේ සඳහා සහය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතුවේ ජනතාව වස විසෙන් බේරා ගැනීමට අවංක චේතනාවෙන් එදා කටයුතු කළා කියලා.. බලාගෙන ගියාම අපේ උරුමයේ පැහැදිලි චින්තනයක් තිබිලා නැහැ වගේ ... !
මෙතැනදී පමණක් නොවේ.., එන්නත් දීම හැර අන් සෑම දේකදීම වරද්දා ගත්තා නොවේ අනාගත්තා. පොහොර වැඩපිළිවෙලේදී කෘෂිකර්මය පිළිබඳ වියතුන්ගෙන් අසන්නේ නැතිව මේ ගැන කිසිවක් නොදන්නා කෙනෙකුට වැඩේ බාරදුන්නා. දැන් මහත් ඉවරයි... එළඹෙන යලත් ඉවරයි. රටේ කෘෂිකර්මාන්තයත් ඉවරයි. රටම ඉවරයි. ඔබ සහ ඔබේ රජයත් ඉවරෙටම ඉවරයි.
ඔබ ගත් වැරැදි තීරණවලට දැන් විඳවන්නේ ජනතාව... රාජපක්ෂ පවුල රැකගැනීම සඳහා කරන අවසාන උත්සාහය වගේ...
තව ටිකකින් කියයි, කරපු හැමදේම වැරැදි තමයි කියලා තේරේවි. දැන් ඉතින් වැඩක් නැහැ. අශ්වයා පැනලා ගියා. දැන් ඔබත් පැනලා යන්න.
අලුත් කැබිනට්ටුවට යෝජනා: 1. ශ්‍රීලන්කන් පෞද්ගලීකරණය කරනු! 2. ලංවිම ප්‍රතිව්‍යූහගත කරනු! 3. ඉන්ධන, විදුලිය, ජලය, ප්‍රවාහනය සම්බන්ධයෙන් මිල සූත්‍ර හඳුන්වාදෙනු! 4. පීඩාවට පත්වන ජනයා වෙනුවෙන් ඍජුව ගිනුමට සහනාධාර බැර කරනු! 5. සමෘද්ධියෙන් පටන්ගෙන ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවය 25%කින් අවම කරනු! 6. හමුදා සේනාංක ප්‍රමාණයක් ස්වේච්ඡා හමුදා බවට පත්කර, සෙබලුන් රැකියාගත කර, ආරක්ෂක වියදම් 25%කින් අඩුකරනු! 7. ව්‍යවසායකත්වය නැංවීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනු! 8. ගොවි, ධීවර, ස්වයං රැකියා ආදිය සඳහා රක්ෂණ ක්‍රම පුළුල් හා විධිමත් කරනු! 9. බදු ක්‍රමය විධිමත් කරනු! ආදායම් බදු ගෙවිය යුතු සියලුදෙනාගෙන් බදු අයකරනු! 10. සංචාරක කර්මාන්තය සඳහා රට පිරිසිදු කරනු! නිදහස් කරනු! 11. දූෂිත ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කරනු! 12. තරුණයන්ගේ වෘත්තීය අධ්‍යාපනයට ආයෝජන වැඩිකරනු! 13. කාන්තාවන්ට වැඩිපුර ශ්‍රම බලකායට ඇතුළත් වීම සඳහා පහසුකම් සලසනු! 14. පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩිකරනු! මේවා කරන එක අමාරු නැහැ. කළොත් රට ගොඩගන්න බැරිත් නැහැ. මේ ටිකවත් කරන්නට බැරිනම් වහා ඉල්ලා අස්වෙනු!
69 ලක්ෂයටම වැරදුණා. කෘෂිකර්ම පිළිබඳව කිසි අවබෝදයක් නැති පාදැනියගේ ලණු කාල බුද්ධිමත් හිටපු කෘෂිකර්ම ලේකම්තුමා ඇතුළු ආචාර්ය බුද්ධි මාරඹේ මහතාවත් අයින් කලා. අවසානයේ දුප්පත් ගොවීන්ව අපහසුතාවයට පත් කළා. සීනි වංචා, සුදු ලුණු වංචා, PCR වංචා, නිරෝධානය වංචාවලට අවස්ථා සලසා දීල, දැන් ජාවාරම්කරුවන්ට ඇඟිලි දික් කරනවා.
බොහොම හොඳයි ජනාධිපතිතුමනි, ගෝල්ෆේස් එකේ සුළුතරයක් අන්තවාදීන් කානිවල් කළාට සිංහල බෞද්ධ අපි ඔබතුමා සමගයි...!
පව් කියලා හිතෙන්නේ මට විතරද?
ඡන්දයේදී 69 ලක්ෂයටම වැරැදුණානේ. මුළු රටම විනාශ කළා. නායකයෙකුට රටක් තිබිය යුතුයි රටක් කරනවට.. කිසිවක් නැති අය පත්කිරීමෙන් මුළු රටම අද ගිනි ගොඩක. කන්න නෑ තුන්වේල. බඩුමිල අහස උසට. බැලූ බැලූ අත පෝලිම්.
දැන් ඔබගේ වයසත් වැඩියිනේ...! තවත් රිවස් කර කර ඉන්නේ නැතිව ගෙදර ගියා නම් නේද හොඳ..?
ඵකවරම මිලියන 25ක් ජීවත්වන රටක් 100%ක් කාබනික පොහොරවලට පරිවර්තනය කිරීමට උත්සාහ කිරීම පොඩි ළමයෙකු වුණත් තේරෙන මෝඩ වැඩක්. දැන් රටේ ආහාර හිඟයක් ඇතිවීම ස්ථිරයි.
ඔබතුමා හරිනම් වහාම ඉල්ලා අස්වෙන්න. හොඳට තිබුණු රට මේ තත්වයට ගෙනැල්ලා දැන් වැරැදුණාලු.
එතකොට ගෝල්ෆේස් එකේ බීච් පාටියේ කියන ඒවා ඇත්තනේ?
ඕකට සිංහලෙන් කියන්නේ නොහැකියාව කියලා. තියෙන්නේ එකම උත්තරයයි... හොරාකාපුවා ආපහු දීලා කූරු ගණින්න සූදානම් වෙන එකයි...
විකාර කරලා ‘‘මට වැරැදුණා‘‘ කිව්වට හරියන්නේ නැහැ. දැන් යන්න ලෑස්ති වෙන්න.
ඩොලර් නැති නිසා පොහොර ගෙනාවේ නෑ. නැතිව අපට ආදරේට නෙවෙයි.
දැන් අපිට ඔහෙත් එපා. මේ ක්‍රමයත් එපා. කරුණාකර පිටවෙන්න.
බල තණ්හාවම තමයි තවමත්...
බාල පැට්‍රල් ගහලද කොහේද? යන්නෙම රිවර්ස් එකට...
කරපු වැරැදි, අතපසුවීම්වලට ඔබතුමා අයින් වෙන එක වෙනම කතාවක්. ඒත් පාර්ලිමේන්තුවට පින් මන්ත්‍රීකමක් අරන් එන කෙනෙකුට රටේ විධායක අගමැති තනතුර ලැබෙන විදිහේ ව්‍යවස්ථාවකට නම් සහාය දෙන්න එපා...
මේ ගොල්ලෝ ඉතින් හිටු කියලා දිවුරනවා. මේ අය පත්කරපු මහජනයා පෝලිම්වල දිවුරනවා.
ඇමෙරිකාවෙන් ඉල්ලා අස්වෙලා...
ඇයි මෙච්චර කල් ජනාධිපතිකං කෙරුවේ ලංකාවේ නැතිව උතුරු කුරු දිවයිනේද? නැත්තං ටියුබ් ලයිට් ටයිමරේ ඔන් වෙන්නේ අවුරුද්දකට විතර පස්සේද?
ප්‍රමාද වෙලා හරි කරපු වැරැද්ද පිළිගැනීම ගැන ස්තුතිය ප්‍රකාශ කරනවා. නමුත් වැරැද්ද පිළිගෙන තනතුරින් ඉල්ලා අස්නොවී තවදුරටත් රැඳී සිටිමින් ඔබ අලුත් වැරැද්දක් කරනවා.
ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති මන්ධ බුද්ධිකයිගේ අවවාද ඉදිරියේදීවත් පිළිනොගන්නා ලෙස ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන අතර අදාල ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂිත දැනුමක් සහිත තැනැත්තන් පමණක් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වශයෙන් පත්කරන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම රට නියෝජනය පිනිස පත් කෙරෙන තානාපති සහ කොන්සල් ජනරාල් තනතුරු සදහා රාජ්‍ය සේවයේ දක්ෂ හා කීර්තිමත් නිලධාරීන් පමණක් පත් කිරීමත් විය යුතු බවත් පෙන්වා දෙනු කැමැත්තෙමි.
අනේ මේ බයිල නොගා ගෝටා ගෝ හෝම් ඔන්න සිංහළෙන්ම කිව්වා දැන ගනින්.
ඔබ තුමාට වැරදුනා වගේ අපිටත් ඔබ තුමා තේරීමේදී වැරදුනා. අපේ වැරද්ද පලවෙනි එක නිසා ඉස්සෙල්ලා ඒක හදමු. ඒ නිසා කරුනාකරලා බැහැලා යන්න.
කාබනික පොහොර වැඩේ තේරෙන්ඩත් කන්යක් ගතවුනා නේද ආයිබො. දැනට කරපු අනෙක් ගොන් වැඩටිකත තේරන්නත් සෑහෙන කාලයක් යයි වගේ. ගොන්නු රජකරපු අපිට හොද පාඩම්
අර කාබනික පොහොර වල ඇති ගුණාත්මක භාවයගැන දේශනා පවත්වපු විශේෂඥ දොස්තර මහත්තයා මෙවා කියල දුන්නේ නැද්ද ? ඒකාලේ ගොවියෝ මේ වැඩේ හරියන්නේ නෑ කියා කියා කුඹුරු දිගේ හඬා වැලපෙනකොට " 'මට ඕනෑනම් හමුදාව දාලා ඔය සේරම කනෙන් ඇදල කුඹුරට දක්කන්න පුළුවන්' කියල නේද කිවේ ?
අපිටනම් 'ඔයාම වැරදීමක්'
හරි........අපිට තේරුනා. දැන් මේ වෙලාවේ කරන්න තියෙන හොදම වැඩේ තමයි ඔබතුමා ඔතනින් බැහැලා යන්න. එදා අර මාධ්‍යයවේදීයා අහපු ප්‍රශ්නයට ( අවශ්‍ය මුදල් සොයාගන්නේ කෙසේද) අවංකවම ඔබතුමාට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ නේද? ඇයි එහෙනම් රටක ජනාධිපති කෙනෙක් වැනි ජනතාවට වගකිව යුතු බාරදූර රාජකාරියක් භාරගත්තේ. අපේ රට ඔබලාගේ පවුල විසින් විනාශ කලා. ඔබතුමන්ලාගේ රට රටවල ඇතැයි කියන වත්කම් සහ විශාල ධනස්කන්ධය සත්‍යයක් නම් එහි පලවිපාක මේ භවයේදීම වීදීමට වෙන එක සත්‍යයක්. එයින් ගැලවීමට ඔබටවත් රාජපක්ෂ පරම්පරාවේ කිසිම කෙනෙකුට නොහැකිය. කරුණාකර මේ රටට තවත් බොරු නොකිය තවත් විනාශ කරන්නේ නැතිව ඔතනින් බැහැලා යන්න .
නන්දසේන,පොහොර ප්‍රශ්නෙ විතරක් නෙවෙයි,ඔයා මුල ඉඳලම හැමදේම වරද්ද ගත්තා.අලුතෙන් පත් කරගත්තු ඇමතිවරුන් හැටියට ඔයා නැවතත් පත්කර ගත්තේ මදාවිය සැට් එකක්.මහජනතාව බලාපොරොත්තුවෙන්නේ ඉතාමත්ම බුද්ධිමත් කාර්යශූර දක්ෂ පුද්ගලයන් ඇමතිවරුන් හැටියට පත් කර ගන්නයි.නැවත වරක් ඔබගේ අදක්ෂතාවය සහ මන්දබුද්ධිකභාවය ඔප්පු කරලා පෙන්නුවා...රටක් පාලනය කරන්න තරම් ඔබ දක්ෂ පුද්ගලයෙක් නොවේ.කරුණාකරලා දාලා යන්න.
මෙතුමා අනුකම්පාව දිනාගැනීමේ ව්‍යාපාරයක් දියත් කරනවා, මේ පාරා සර්ට වැඩෙ වැරදුනා..දැන්නම් සර් යන්නම වෙනවා...
ලොක්කා ඔයාට තවටික කාලයකින් "අපරාදෙ මට ජනාධිපති නොවී ඉන්න තිබ්බේ" වගේ එව්වා හිතෙයි.
කොතනද හරි තීරනයක් ගත්තෙ? අත් හදා බලන්න පරීක්ශන කරන්න මේක ලැබ් එකක්ද?
සවුබාග්‍යයේ දැක්ම පෙන්නලා 69 ලක්ෂයක් ජනතාව ඇන්දුවා. බලය රැකගෙන, හිරේ නොයා බේරෙන්ඩ ආයෙත් ජනතාව අන්දවන්ට වගේ ලෑස්තිය. බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවන්ට රැවටුනු කාලේ දැන් ඉවරයි .
වැඩක් නෑ බන් මූ ට කියලා.. මුට වැඩිය කෑලේ ඉන්න සතෙකුට කිව්වත් එක ඌ තෙරුම් ගන්නවා.. සල්ලි වලට පෙරෙත වෙලා දාලා යන්න බැරිව ඉන්නේ
සිය දහස් වාරයක් හිතෙන්නේ නැද්ද ඔබතුමාට කව්ද වරද්දුවේ, වැරදුනේ කොතනද කියලා. ළඟ ඉන්න කේවට්ටයෝ යේස් කියන වන්දිබට්ටයෝ. අනික විෂය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මීහරක් ඒ තනතුරු වලට දැමීම, ඔබතුමාගේ මාන්නය, මම තමයි හරි, මම තමි හොඳටම කලේ කිය කියා නැටුවා, අනික නාමල් රජ කුමාරයෙක් වගේ හැසිරුනේ. මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ මූ ක්‍රීඩා කරනවා මාලදිවයිනේ. බැසිල් නිවාඩු ගොහින් අමෙරිකාවෙ. ගෑස් රටපුරා පුපුරනවා කිසිම පියවරක් ගත්තාද. සබපතිලා, ඇමතිවරු වාචාල කථා කියකියා හිටියා. ඇමතිවරු මොනතරම් බොරු කීවද ඔබතුමා පියවරක් ගත්තාද ඒවාට විරුද්දව. බලයෙන් මත්වෙලා හිටියා. පව්ලේ පිරිස ඉස්සරහට දාගෙන හොරුන්ට හිතේ හැටියට හොරකන්න ඉඩ දුන්නා. පොහොර වැඩේ හොඳයි පිළිවෙලකට කරානම්. නිකන් නැව් වලට මුදල් ගෙව්වා. හෙව්වද මොකද්ද වරද කියලා. මොකුත් ඒ ගැන ක්‍රියා කලේ නැහැ. බුද්දිමත්ඔ අයට තැනක් දුන්නේම නැහැ. වාචාලයින්ට විතරයි තැනක් දුන්නේ. ඕවයි වැරදි.
රටක බලය තිබෙන්නේ රටේ උත්තරීතර ජනතාවගේ අතේ බව ඔබට තේරෙන්නේ නැතිද...? ඔබට කන්න, අඳින්න, ගමනාගමන පහසුව ,ආරක්ෂාව .. ආදිය සැපයීමට අනුමැතිය ලබාදී තිබෙන්නේත් ජනතාවයි.ජනතාව ඔබ කියන දේ අහන්න නොවයි ඔබව ඔතනට පත්කළේ.ජනතාව කියන දේ අසා ක්‍රියාත්මක කරන්නයි.. ඔබ දන්නවාද ජනතාව තීරණය කලොත් ඔබගේ වැටුප සහ ආරක්ෂාව කපා දමන්න ඔබ නිකම්මනිකම් බලු සිංහයෙක් වගේ මහා පාරේ "හැංගි හැංගි " ඉඳීවි. රටේ මිනිස්සු කියන දේ අසා දැන්වත් ඉල්ලා අස්වෙලා යන තුත්තුකුඩියක යන්න.හැබැයි ඔය බොරු කතන්දර කියා කියා තවත් මෙහි ලගින්න ලැහැස්තිවුනොත් තත්වය බරපතලවේවි. කෙසේ වෙතත් ඔබට විරුද්ධව තිබෙන නඩු 35 ට ඔබ මුහුණදී දඬුවම් විඳිය යුතුමයි. ඒ සමගම අපි ඔබගේ සහෝදරයින්,සහ නෑදෑයන්වත් අමතක කරන්නේ නැහැ.සියලුදෙනාම නීතියේ විනිශ්චයට ලක්කළ යුතුයි.වැරදි කරුවන්වුවහොත් කාටත් උරුම විදිහට ජම්පර් එක අන්දලා බලුකුඩුවේ ලගින්න ලැහැස්තිවිය යුතුයි...මේ සියල්ලට හේතුව වුනේ ඔබගේත් ඔබේ පවුලේත් උද්දච්ච කමයි.
බයිලා නොකියා දැන්වත් යනවා නමි හොදයි. පාස්කු ප්‍රහාරය ගැන සද්ද නැත්තේ උන්ට පණ ලබාදීලා?
හරි ඉතින් මෙය සරල සුන්දර වරදක් නොවී රටක් අගාධයට යැවූ අමන අකීකරු මිත්‍යා දෘෂ්ටික වරදක් වූ විට දඩුවමක් නැද්ද
ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති බොහෝ තීරණ ආපස්ට හරවා ඇත. මෙයින් රටට සිදුවී ඇති හානිය අති විශාලය. අත්දැකීම් ලබමින් තීන්දු තීරන ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවකින් බලාපොරොත්තු නොවේ . මෙය ආණ්ඩුවේ දුර්වලකම මිසක් වෙන කුමක්ද?
එහෙම වැරදුනා කිව්වම සමාව දෙන්න තිබුණා සුළු වැරැද්දක් නම්. ඔබ ඇතුළු රජයේ මේ වැරදි තීරණ නිසා මිනිස්සුන්ගේ ජීවිතත් අහිමි වෙලා තියෙන්නේ. මිලියන ගානකට මැරි මැරී ජීවත් වෙන්න වෙලා. ඒ වගේම රටට වුනු පාඩුව. කෘෂිකර්මාන්තයට වුනු හානිය. මේවා ඔක්කොම ඔබ ඇතුළු වැරදි කල හැමෝම ඔබේ පෞද්ගලික මුදලින් ගෙවන්න ඕනේ. මිනිස් ජීවිත අහිමි වුනු ඒවාට ඔබලා වන්දි ගෙවන්න සහ දඬුවම් විඳින්න ඕනේ. මේවා මගහැරලා යන්න පුළුවන් වෙයි තාවකාලිකව. නමුත් මතක තියාගන්න ස්වභාව ධර්මයේ නීතියට හැමෝම යටත් කියන එක. ඔබතුමාගේ අයියා, මහින්ද රාජපක්ෂ කියන්නේ රජෙක් වගේ මිනිස්සුන්ගේ ගෞරවය දිනාගෙන ජීවිතේ විඳින්න හිටි කෙනෙක්. නමුත් බලලෝභය, තණ්හාව ආදී කාරණා නිසා අද මිනිස්සුන්ගෙන් කුණු බැනුම් අහන තත්වයට පත්වෙලා. ඔබතුමාලා ගේ බලලෝභය නිසා රටක් විඳවනවා. හොඳට මතක තියාගන්න ඔය හැමදෙනාටම මැරෙන්න කලින් මේවට වන්දි ගෙවන්න වෙන බව.
එහෙම වරද්දගන්න බෑ . මේක රටක පාලනයක්. විභාගයක් නෙවෙයි. ඇමතිලා ,ලේකම් ල , උපදේශක වරු , ආයතන ප්‍රධානින්, සියලු දෙන කරලා තියෙන්නේ තමන්ගේ වගකීම් පැහැර හැරීමක් , දඬුවම් ලැබිය යුතු වරදක්. තව මේ වැරදි උපදෙස් දුන්න අය, ඒ අයගේ යටි අරමුණුත් එලි විය යුතුයි.
වැරදුනා නම් කරන්න තියෙන හොදම දෙය තමයි වරද පිළි අරගෙන රටෙන් සමාව ඉල්ලා අස්වලා යාම පමණයි.ඔබ වරද පිළිගන්නේ අකවංකවම නම් වහාම අස්වෙලා යන්න
පව් මෙයා.
තමාගේ වරද පිලි ගැනීම හොද දෙයක්. එත් එමගින් දිගු කාලයක් වැරදි තීරණයේ එල්ලී සිටීමෙන් වුන හානිය නැතිවෙන්නේ නැහැ. එය නිවැරදි කරන වැඩපිලිවෙලකුත් දකින්නට නැහැ. ආර්ථිකය ගැන තත්වයත් මෙයම තමයි. ලක්නාවේ වරද පිළිගෙන ඉවත්වන සිරිතකුත් නැහැ. අවසානයේ ජනතාව සියලු වැරදි තීරණවල බර දරාගත යුතුයි.
පොහොර මාරුවේදී පමණක් නොවෙයි පාස්කු පරහාරයෙදීත් ඔබ වරද්දා ගත්තා. අත ගගා ඉන්නේ නැතුව යෝන්මැරිල්ලක් කලානම් ගොඩ. යෝන්මැරිල්ල කියන එක ඔබතුමා දන්නවාද?
මිලියන් 600ක් නිකන් ගෙව්වා. තව නොදැනුවත්ව කීයක් ගෙවලා ඇතිද..
ජර්මනියේ හිට්ලර් සියදිවි නසා ගත්තේ ඔහුටත් ආත්ම ගෞරවයක් තිබුණ නිසා වෙන්නට පුළුවනි. ශ්‍රීලංකාව මෙතරම් අගාධයකට දැමීමට තමන්ගේ තීරණ හේතු වු බව අපේ ජනාධිපතිතුමා පිළිගැනීම අපි අගය කරමු. එහෙත් තමන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීමට ඉල්ලා අස්නොවීම මෙහෙවින්ම කණගාටුවිය යුත්තකි. බලයේ සිටීමට තමන්ට අයිතිය තිබුණත් වැරදි තීරණ ගැනීමට ජනතාව අයිතිය ලබාදී නැත. පොහොර නොමිලයේ ලබාගැනීමට ජනතාව බලය දුන්නත්, අද මුදලටත් පොහොර නැති රටක් සඳහා ජනතාව බලය දුන්නේ නැත. මේ නිසා ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති අයිතිය වගේම ජනතාවටද තමන් වෙනුවෙන් අයිතියක් තිබිය යුතුයි.
මොනාහරි කියලා හිතාගෙන ඉන්නවා ආපසු දෙන්න පුළුවන් කියලා ගේමක් ,අනේ ගෝටා ඔබට පුළුවන් උනාද හොර බැසිල්ගේ ගේම්ටික හොයාගන්න ,කෝ එවාට පිලිතුරක් ,ඉත්තෝ ටිකක් දාගෙන ආපසු කරන්න පුළුවන් පරන් දේවල් විතරයි මොලේ තියනවා නම් අරගලයට මුන දෙන්න පුළුවන් නේද ???? ,කෝ දැන් අර අනුරාධපුරයේ ඔබට උපදෙස් දෙන අම්මන්ඩ්,
මෙවැනි ගොං තකතීරු තීන්දු මගේ හිතේ තුන වසරේ ළමයෙක් වත් ගනීවි කියලා. මේ මිහහා ජනාධිපති ධූරයට කිසිසේත්ම සුදුසු නැ.
උබට ඔක්කොම වැරදිලා බන් තියෙන්නේ ඒකය් අපි යන්න කියන්නෙ
පෝර,මාරුවේ විතරක් නෙවෙයි උන්නැහේ ඔහේ හැමතැනම වරද්දගත්තා.තමුන් ලැග්ගෙම බල්ලො එක්ක.දැන් ඉතිං මැක්කො වහල,හමාරයි.ගොඩයෑමක් නෑ.පොලියත් එක්කම කන්නවෙනවා.
ඝෝඨභය මහතානනී ඔබට වැරදුනේ වැල යන පැත්තට මැස්ස නොගහපු නිසා. ඔබට පමණක් නොව සිරිමාවෝ මැතිනියටත් වැරදුනා.1977 සිට දේශපාලකයෝ කලේ ජනතාවගේ එදී නේදා අවශ්‍ය තාවයන් සම්පුර කිරීමයි. ඊට වඩා දෙයක් කරන්න ගියොත් පාලකය ඉවරයි. රජයේ සේවයින්ට දස දහස් ගනනි පඩි වැඩිකරනවා, ඊට සමානව දේශපාලකයින්ට දීමනා දෙනවා අතින් පාඩුවට ජනතාවට රටින්ගේන්වන බඩු දෙනවා. අවුරුදු 5 කින් නය ගොඩක් එක්ක ඊලනග පාලකයාට පාලනය දෙනවා. ඔයටික කරන්නේ නැතුව රට හදන්න ගිය මැතිනිය එළවලා ඇට අට කන්න විවුර්ත ආර්ථිකයට තැන දුන්න ඊට පස්සේ ඇපල් මිදී චීනගේ නාරන් ගෙනාව. දැන් විඳවනවා. මෙරට හදන්න බැහැ අපි පිට ඉන්දන් මොවුන්ට වේන දේ බලන් ඉන්නවා.