(අජන්ත කුමාර අගලකඩ)
නව රාජ්‍ය ඇමැතිවරැන් 24 දෙනෙක් අද සවස (18) ජනාධිපති මන්දිරයේදී දිවුරැම් දුන්හ.
ගීතා කුමාරසිංහ, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, ගුණපාල රත්නසේකර, කපිල නුවන් අතුකෝරළ, ගයාෂාන් නවන්දන, සුරේන්ද්‍ර රාඝවන් යන මහත්ම මහත්මීහු ද නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙති.
(ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ජනාධිපතිට සිංහල තේරෙන්නේ නැහැ... කවුද ඔහුට අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න කිව්වේ.... රටේ ජනතාව කියන්නේ ඔහුට ඉල්ලා අස්වෙන්න කියලා. ඒකයි ඔහු කරන්න ඕනේ... රටේ කිසි කෙනෙක් කිව්වේ නැහැ. ඔහුට අලුත් ඇමති මණ්ඩලයක් හදන්න කියලා. දැනට රටේ තියෙන කිසි ප්‍රශ්නයකට ඔය පත්කරපු ඇමැති මණ්ඩලයෙන් කිසිඳු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ...!
අරුන්දික, ප්‍රසන්න, ලොහාන්, ඩී වී චානක, සනත් නිශාන්ත... පරණ මැර පිරිස නැවත අනලා. තරුණ පරපුරට පිහියෙන් ඇනීමක්...
ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පිරිසම රටින් ඉවත් කළ යුතුයි. ඒක තමයි පළමු දේ. මගේ රට පාලනය කරන්න හොඳ මිනිස්සු ඉන්නවා.
අපේ දේශපාලකයින් ඔක්කෝටම මොනවා හරි ඇමති කෑලි අලවනවා. මේක කොපමණ නාස්තියක්ද? මේ පුංචි රටට කප්පරයක් තරම් ඇමතිලා, උප ඇමතිලා, විෂය භාර ඇමතිලා? මේ මිනිසුන්ට රට වෙනුවෙන් කරන්න වෙන දෙයක් ඇත්තේම නැද්ද? මේ හැම අමාත්‍යාංශයකටම පිරිවර, සේවකයින් කොපමණක් ගොඩ ගහනවාද? කාර්යාල, පඩි නඩි වගේම යාන වාහන කොයිතරම් ගන්නවද? රටක් හදන්න පුළුවන්ද මේ වගේ වැඩකරලා. ඉතාම කණගාටුයි...