‘පාසල් දරුවන් සඳහා විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඕනෑ‘ පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස්කර නිසි ආකාරයෙන් එය ක්රියාවේ යොදවන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. 07 November 2021
‘ ගිනි ගත් නැවේ ආනයනකරුවන්ට අපි වන්දි ගෙවන්නේ නෑ ‘ ඉකුත් මැයි මස අවසානයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් එහි තිබූ දේශීය ආනයනකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් දේපොළ සඳහා වන්දි මුදල් ලබාදීම රජයට අයත් කාර්යක් නොවන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පැවසීය . 07 November 2021
යතුරු පැදි පොත් හොරට දුන් ලිපිකාරිනිය මාට්ටු නියමිත ක්‍රමවේදයට පටහැනිව යතුරුපැදි පැවරුම් පොත් විවිධ පුද්ගලයන්ට මුදලට ලබාදුන් බව කියන මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියකෙ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 07 November 2021
රක්ෂණයක් දෙන්න විශ්‍රාම වැටුපෙන් 400 ක් කපයි රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීම සඳහා විශ්‍රාම වැටුපෙන් මාසික කපාහැරීමක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 07 November 2021
‘අයවැය සහන නැත්තන් අරගලයකට යනවා ‘ රාජ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් අයවැයෙන් ඉටු නොකළොත් සියලු වෘත්තීය සමිති එකතු කරගෙන අරගල මාවතට පිවිසෙන බව රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති මැද කොළඹ ස ජ බ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 07 November 2021
මැති සබය එක දිගට දින 33 ක් රැස්වීමට තීරණක් පාර්ලිමේන්තුව හෙට (8) සිට දින තිස්තුනක් සෞඛ්‍ය නීති නීතිවලට අනුකූලව එක දිගටම රැස්වීමට තීරණය කර ඇත. 07 November 2021
බණ්ඩාරවෙල ළමා නිවාසයක දරුවන් 27 කට කොරෝනා බණ්ඩාරවෙල ළමා නිවාසයක අවුරුදු පහට අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු 32 කට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව අද (07) දින තහවුරු විණැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය. 07 November 2021
භාණ්ඩ 15 ක් සතොසෙන් අඩු මිලට ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15 ක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1, 000 ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 November 2021
බන්ධනාගාර බසයෙන් පැන්න දෙන්නා වැසිකිළියෙන් අල්ලයි වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි රැඳවියන් දෙදනකු පොල්ගවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී බසයෙන් පැනගොස් ඒ ආසන්නයේ අදාහනාගාර වැසිකිළියක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොල්ගහවෙල පොලිසිය පවසයි. 07 November 2021
සෙල්ෆි ගන්න ගිහින් දුම්රියට බිළිවෙයි වව්නියාව සෙට්ටිකුලම දකුණු කල්ලාරු පාලමේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් ඇතැයි සෙටිකුලම් පොලීසිය පවසයි. 07 November 2021
පොලිස් කොස්තාපල් නිධන් හාරද්දී මාට්ටු තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ මැදදුම්බර මහ දොරලියද්ද කන්දේ පාඵ නිවසක් අසළ නිධාන් හදාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු එකම පවුලේ සොහොයුරන් සිව් දෙනකු සැකපිට පොලිස් අත් අඩංගුවට ගත් බව තෙල්දෙණිය මූලස්ථාන පොලීසිය කියයි. 07 November 2021
‘රනිල්ට රට බර දුන්නොත් පැය 48 න් ගෑස් මිල බස්සනවා ‘ රනිල්ට රට බාර දුන්නොත් පැය 48න් ගෑස් මිල බස්සන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 07 November 2021
සතොසෙන් සහල් සීනි ගන්න කොන්දේසි නෑ සතොසෙන් සහල් සහ සීනි මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ හතරක් ද මිලදී ගැනීම් ගත යුතු බවට පනවා තිබූ කොන්දේසිය ඉවත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 November 2021
“ආසාදිතයන් වැඩි වුණොත් යළි සංචරණ සීමා පනවන්න වෙයි’’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය 07 November 2021
අනිද්දා තෙක් තද වැසි දිවයින ආශ්‍රිතව පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අනිද්දා තෙක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2021
අඹු සැමියන් එක්ව හොරකමේ ගිහින් කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරොද රථ රියැදුරුගේ මුහුණට මිරිස්කුඩු ගසා , හිසට මිටියකින් පහර දී ත්‍රීරෝද රථය කොල්ලකා කෑ අඹු සැමි යුවළක් ,අවුරුදු තුනක දරුවකු ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි . 07 November 2021
අද ආසාදිතයන් 617 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 135 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 November 2021
“ජනතාව ඉල්ලූ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරනවා’’ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) පැවසීය. 06 November 2021
බූස්ටර් එන්නත දීම ගැන ලංකාවේ කැනඩා මහ කොමසාරිස්ගේ ඇගයුමට ශ්‍රී ලංකාවේ ජනතාවට ’’බූස්ටර්’’ එන්නත ලබාදීමට තීරණය කිරිම ඉතා සාධනීය පියවරක් බව මෙරට සිටින කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා පවසයි. 06 November 2021
කොවිඩ් ආසාදිතයන් 482ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 482 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 06 November 2021
’’එන්නත් තුනක බලය බිඳිලා’’ ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව (ඵලදායිත්වය) සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් කර ඇති පරීක්ෂණයකදී තහවුරුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 06 November 2021
කාදිනල්තුමෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. 06 November 2021
තවත් කොවිඩි මරණ 20 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 November 2021
ප්‍රංශයේ අධිකරණ සංඝනායක හිමියෝ අපවත් වෙති 1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021 නොවැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේදී අපවත් වූයේය. 06 November 2021
60ට වැඩි මන්ත්‍රීවරුන්ටත් තෙවෙනි මාත්‍රාවක් වයස 60 ඉක්මවූ විවිධ සංකූලතාවලින් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තීරණය කර ඇත. 06 November 2021
‘රටේ විකල්ප බලවේග බිහිවීම වළක්වන්න බෑ’ ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග අසාර්ථක බවත් මේ ආකාරයට ගියහොත් රටේ විකල්ප බලවේගයක් බිහිවීම වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණයවී පෝලිම් යුගයක් නිර්මාණයවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. ප්රජාතන්ත්රවාදී රටක් පාලනය කළ යුත්තේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයට බව පැවසූ ප්‍රියදර්ශන මහතා 06 November 2021
’’එක්ස්ප්‍රස් පර්ල් වලින් පාඩු වූ ව්‍යාපාරිකයන්ට තවමත් වන්දි නෑ’’ කොළඹ වරාය ආසන්නයේදී පසුගිය මැයි මස අවසානයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ආනයනකරැවන් 104 කට අයත් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ විනාශ වූ බව ව්‍යාපාරිකයෝ පවසති. 06 November 2021
දුම්රිය එන්ජිම පීලි පනී නුවර සිට මාතර බලා ධාවනයවන අංක 40 දරණ දුම්රියේ එන්ජිම ගාල්ල දුම්රිය ස්ථානයේදි අද (06) දහවල් පිලි පැනිම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ තිබේ. 06 November 2021
බෑගයේ තිබු කාන්තා සිරුර සම්බන්ධයෙන් යුවළක් අත්අඩංගුවට සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තාව ගේ ඝාතනයේ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. 06 November 2021
ලබන වසරේ අයවැය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ලබන වසර සඳහා (2022) වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12වැනිදා සිකුරාදා ඉදිරිපත් කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 06 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026