(සුජිත් හේවාජුලිගේ )
සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තනතුර තිස්හතරක් ඇතුළු තනතුරු පුරප්පාඩු 340 ක් නොපිරවීමෙන් බොහෝ වැටලීම් අඩාලවීම නිසා එහි ආදායම් උත්පාදනයට දැඩි බලපෑමක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා )පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
සුරාබදු දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේ දී වැටලීම් පනස් තුන් දහස් අටසිය හතළිස් අටක් සිදුකර ඇති අතර පසුගිය 2020 වර්ෂයේදී සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව නිලධාරීන්ගේ හිඟය නිසා 39623ක් දක්වා ක්‍රමානුකූලව අඩුවී ඇතැයි එම කාරක සභාව පවසයි .
මේ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීමට අදාළ නීති සංශෝධනය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව කෝපා කමිටුව එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පෙන්වාදී ඇත.
මේ අතර සැර මත්පැන් නිෂ්පාදනයද අඩුවී ඉන් ලැබුණු ආදායම( 2020 වර්ෂය වනවිට) රුපියල් කෝටි 9310සිට කෝටි 8476ක් දක්වා පහත බැස ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කමිටුව කළ විමසුමකදී සුරාබදු නිලධාරීන් පවසා ඇත්තේ කොවිඩ් තත්වය නිසා මේ පසුබෑම ඇතිවූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන්ගේ පොකට්ටුවට නම් එච්චර හානියක් නැතිව ඇති... !
මේවද රටේ ආදායම..? අනික් පැත්තෙන් මිනිස්සු ලෙඩවෙලා සිරෝසිස් වගේ ඒවා නිසා රෝහල් වලට මේ මුදල්වලට වඩා වියදම් වෙනවා. දැන්වත් යහපත් ව්‍යාපාර වලින් රටේ ආදායම වැඩි කරගන්න...
සුරාවේ පොකට්ටුව හදන්නේ වැටලීම් නැතිකම නොවෙයි. සුරාව ගණන් යාම නිසා. එක්කෝ අපි ගෙදර හදා ගන්නවා නැතිනම් පෙරන තැනකට යනවා. කාට බයටද නවතින්නේ..?