(සුජිත් හේවාජුලිගේ )
වර්තමාන රජය වෙනස් වන තුරු මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
සීමිත කැබිනට් මණ්ඩලයකින් යුතු සර්ව පාක්ෂික රජයක් කෙටි කාලයක් සඳහා පිහිටුවීම මේ මොහොතේ පවතින විසඳුම බවත් එසේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලැබූවහොත් ලෝකයේ බොහෝ රටවල් මෙරටට උදව් කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
රජය කරන හොඳ වැඩවලට සහය ලබාදෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා විදුලිබල පනතේ යම් යම් ගැටලු තිබූ හෙයින් තමා ඊට පක්ෂව ඡන්දය නොදුන් බවද ප්‍රකාශ කළේය
චීනය ශ්‍රී ලංකාවට හැකි සෑම අවස්ථාවකම උදව් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පැවසුවේ යැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කාලේ රට හොඳට හැදෙන්න ඇති නේද? හැබැයි මෙයාලා නම් ඇඳුම් ඇඳගෙනද දන්නේ නැහැ කතා කරන්නේ..?
‘‘මේ රජය ගෙදර යනතුරු රට හදන්න බෑ‘‘ කියන ඔය කටින්ම මෙහෙමත් කියයිද දන්නේ නැහැ... " " මේ සිංහල ජාතියම ගෙදර යනතුරු රට හදන්න බෑ ‘‘ කියලා..!
හරි සුදනා මෙයා. පාස්කු ප්‍රහාරයටත් එක්ක මෙයා කපපු වෙලේ තමයි අපි දැන් කරවටක් එරිලා ඉන්නේ. මෙයාට කුක්කු ටිකක් දීලා නලවන්න. තොත්ත බබා...
2015 අමාරුවෙන් ලබාගත්තු ජය පාවාදුන්නේ කවුද අර හාදයා එක්ක එකතුවෙලා... (මොන පුතාද කව්ද?) අද මේ ජනතාව හිඟාකන්නේ ඒ නිසා නොවේද? ආයේ ජනතාව අන්දන්න යන එක විහිළුවක්....
මොන සර්ව පක්ෂය වුණත් ඉන්නේ එකම හොර හැත්ත. ඔහෙලත් ගෙදර යන්න.
අපේ රටේ තරම් නූගත් දේශපාලකයෝයි, ඡන්ද දායකයොයි ඉන්න වෙන රටක් තියෙනවා නම් අටපට්ටමට කියන්න.
හිටන් හිතන් ඉන්න ඇති මේන් කියලා අගමැතිකම දෙයි කියලා.. මිදිත් තිත්තයි කියලා නරියා කිව්වලු...
රට වැටීම ඇරඹුනේ ඔයාගේ කාලේ බව අපට මතකයි මහත්තයා...
රජය විතරක් නෙවෙයි, ඔය වටේ ඉන්න අයත් යා යුතුයි. රට හැදෙන්න නම්...
හලෝ මේ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැනි ඒකාබද්ධ කිරීමට කිසිසේත්ම නොගැලපෙන අමාත්‍යංශ බිහි වූයේ ඔබගේ ජනපති කාලයයි. ලෝකයේ අපි අහලාවත් නැති රටවල පිරිවර සමග සංචාරය කරමින් රටේ ඩොලර් සංචිත විනාශ කළේ ඔබයි. අද අපි මේ විඳින්නේ ඒ ප්‍රතිඵල තමයි. නිකන් උඩපනින්නේ නැතුව, හිටපු ජනපති අමුඩය, ගහගෙන නිරුවත පෙන්නන්නේ නැතුව හිටියා නම් තමයි ඇඟට ගුණ...!
ඔහෙත් මේ රට කාපු අය හින්දා පව් නොදී ගියානම් මේ රටට ලොකු සහනයක්...!
තමුන් ඇමතිකම කල හා ජනපතිකම කළ කාලයේ නොකළ දේ දැන්ද කරන්නේ..?. පුස් වෙඩි. ජනපති කාලේ සහෝදර සමාගම, දුව පුතා ගැන බැලුවා රාජපක්ෂ පවුල තරමටම නැතත්. ඊට පස්සේ පරණ ලොක්කාට අගමැතිකම දීලා අනාගත්තා... තමන්ට ජනපතිකම දුන්න ජනතාවට පස්ස පෙන්නා ශ්‍රීලනිප නායක වුනා.. අපිට ආයෙත් හිටන් හුටන් එපාමයි.....
කොහෙන්ද මේ ගොයියා කතා කරන්නේ? ඇයි හලෝ ඔහෙව රටේ නායකයා කරලා මිස්ටර් ක්ලීන් කෙනෙක් අගමැති කරලා නේද රටේ බලය දුන්නේ රට හදන්න? මොන බම්බුවක්ද ඒ අවුරුදු 5 කළේ..?
අනේ නිකං යන්න සිරෝ යන්න මගුලක් කතා නොකර...
රට විනාශ කරපු තවත් කෙනෙක්.. ඒත් මේ කියන කතාව නම් ඇත්ත.