(සුජිත් හේවාජුලිගේ )
පාරිභෝගිකයාට සහන සැලසීමට වී මෝල් හිමියන්ගේ බෙල්ල මිරිකුවහොත් වී මෝල් හිමියා පාරිභෝගිකයාගේ බෙල්ල හිර කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊට පස්සේ සහල් නැහැ කියලා පාරිභෝගිකයා වෙළඳ ඇමැතිගෙ බෙල්ල මිරිකුවහොත් තමාට එකක් අතහැරීමට සිදු වන බවද ඔහු සඳහන් කළේය.
වී මෝල් හිමියන් සිය නිෂ්පාදන එළියට දැමීම අඩු කර ඇති බව පැවසූ නලින් ප්‍රනාන්දු මහතා පාරිභෝගිකයන් සහල් විශාල වශයෙන් රැස් කිරීම නිසා මෝල් හිමියන් සහල් මිල වැඩි කළ බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදැල්ලක් අතට ගන්නේ නැති උදාසීන සිංහල ජාතිය ගැන මොන කතාද..? කුඹුර ගැන හිතන්නේ නැති කඹුරන ජාතියක්..!
ඔහොම කියන්න නම් ඇමැති කෙනෙක් බම්බුවකටද?
ඇයි අර ගෝල්ෆේස් ආපු සර්ගේ ගෝලයින් ටික බස් ටිකක්ට අරගෙන හාල් මෝල් වටලන්න ගියානම් හරිනේ..!
කෝටි 39ක් වංචා කරලා රට පනින්න හදලා අත්අඩංගුවට ගත්තු කෙනා දැන් ඇමැති මත ප්‍රකාශ කරනවා.
වෙළඳ ඇමැතිතුමා... මේ වනවිට සහල් මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමක පවතින බැවින් තම තමන්ගේ බෙලිමිරිකා ගැනීමට ජනතාවට සිදුව ඇත. මේ නිසා වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහ මෝල් හිමියන් විසින් රැස්කොට ඇති වී තොග එළියට ගැනීමේ ක්‍රමයක් ඇතිකොට දැනට පවතින මිලට වඩා අඩක් අඩුවෙන් පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමට පියවර ගත යුතුයි. පවතින සහල් මාෆියාව නැතිකිරීම පිණිස සහල් ආනයනය කිරීමටද පියවර ගත යුතුයි...