
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 310 ක් වැයකර වැඩ නොකරන( ක්‍රියාකාරී නොවන ) විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදී ගෙන කර ඇතැයි පැවසෙන දූෂණයක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව ) දැඩි අප්‍රසාදය පළවී ඇත.
කෝප් කමිටුවේ දී හෙළිවී ඇති තොරතුරු අනුව මෙම ක්‍රියාකාරී නොවන විදුලි ජනන යන්ත්‍ර 50 මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ 2018 සහ 2019 කාලවලදීය.
මේ තොරතුරු අනාවරණය වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ ආයතනයේ වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (10) වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම ජනක යන්ත්‍ර මිලදී ගන්නා විට ඒවා ක්‍රියාකාරී තත්වයේ නොපැවතුණ බව කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු පැවසූහ.
මේ නිසා මෙම මිලදී ගැනීම්වලදී තත්ව පරීක්ෂාවක් සිදු වූවාද යන්න සහ ඒ සඳහා වියදම් වූ මිල ගණන් සම්බන්ධයෙන් ඔවුහු විදුලි බලමණ්ඩලයේ නිලධාරින්ගෙන් කරුණු විමසුහ.
මෙහිදී මණ්ඩලයේ ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ මෙම මිලදීගැනීම්වලදී නිලධාරීන් විසින් පරීක්ෂාවක් කරනු ලැබ ඇති වැදගත්කම නම් බවයි.
කෙසේ වෙතත් අද වන විට මෙම ජනක යන්ත්‍ර ක්‍රියාකාරීව පවතින බවද ඔවුන් සඳහන් කර ඇත.
මෙම යන්ත්‍ර දැන් ක්‍රියාත්මක වන්නේ විශාල වියදමක් දරා කළ අලුත්වැඩියාවකින් පසුව හෙයින් ක්‍රියාකාරී නොවන යන්ත්‍ර මිලදී ගත්තේ ඇයි දැයි විධිමත් විමර්ශනයක් කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් සති 2 ක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩල ප්‍රධානීන්ට නිර්දේශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට ඉගෙන ගත්තා නම් රටට සේවයක් කරනවා වෙනුවට විදුලි ඉංජිනේරු මාෆියා කල්ලිය රටට කරන විනාශය නම් බරපතලයි. අරගලය මේ අයට විරුද්ධවත් කළ යුතුයි...
බලපු හැම තැනකම පෝලිමට හොර වැඩ. වාර්තා ඉදිරිපත් වෙනවා. මොන සාපයක්ද? ඒ ඒක හොරෙකුටවත් නීතිය ක්‍රියාත්මක වීමක් නම් කවදාවත් කෙරෙනවා නම් පේන්න නැහැ. සිංගප්පූරුවේ නම් ඔහොම කරපු තක්කඩි සෙට් එකකට මරණ දඬුවම් දුන්නාලු... එහෙම නැතුව රටක් හදන්න බැහැ...!
ඉංජිනේරු මහත්හොරු ආකාර දෙකකින් සාක්කු පුරවා ගන්නවා. 1.වැඩ නොකරන යන්ත්‍රවලට ගෙවලා කොමිස් ගන්නවා. 2. විදුලිය මදි නිසා පෞද්ගලික බලාගාරවලින් මිලදීගෙන නැවත සාක්කු පුරවා ගන්නවා ඉතින් මේ පිරෙන ජලාශ මේ හිඳෙනවා..!
විදුලි බිල වැඩිකරන එක ගැන කතාකරන වෙලාවේ මේ වගේ CEB එකේ නිලධාරීන් එක්ක කරලා තියෙන වංචාවන් ගැන සොයාබලා එම පාඩුව වගකිව යුතු අයගෙන් අයකර ගන්න CEB එක පුදුම නාස්තියක් කරන්නේ... මොන තරම් පුද්ගලික ගොඩනැගිලි අධික මුදලට කුලියට අරන් තියෙනවද?
විදුලි බල මණ්ඩලය විශාල ලෙසට පාඩු ලබනවා කියන්නේ මෙහෙම වැඩත් කරලා නේද? වැටුප් වැඩිවීම ගෙවීමට වරින්වර ගාස්තු වැඩිකරනවා. එයින් පාරිභෝගිකයින් පීඩාවට පත්වෙනවා.. ඇත්තටම විදුලිබල මණ්ඩලය පුද්ගලිකරණය කළොත් මෙහෙම අනවශ්‍ය වියදම් කරාවිද? මෙහෙම ජනතා මුදල් වංචා කරනවා නම් මෙම ආයතනය පුද්ගලික කිරීම සුදුසුයි..
මේක ටිකක් පරණ පුවතක් වගේ මතකයි.. මතකය නිවැරැදි නම් මේවා විදුලි ජනක යන්ත්‍ර නොවේ. ට්‍රාන්ස්ෆෝමර් කියන විදුලිය බෙදා හැරීමේදී භාවිතා කරන උපකරණයකි.. පොඩ්ඩක් විමසලා බලන්නකෝ..!
දඬුවම අප්‍රසාදය නම්? මොකටද ඔහෙලා ඕවා හොයන්නේ? හොරුම තමයි.
මෙන්න මේ වගේ වැඩවලින් මහාපරිමාණ කොමිස් ගහලා තමයි ඔය කාලකණ්ණි දේශපාලකයෝ ඔවුන්ගේ ගිනිතියපු කොමිස් මන්දිර හැදුවේ. ඕවාට සම්බන්ධ නිලධාරීන් එල්ලුම්ගස් යැවිය යුතුයි. බැසිල්ගේ කට්ටිය වෙන්න ඇති.
විදුලිබල මණ්ඩලේ ඉන්න ඉංජිනේරුවන් පුදුමාකාර සල්ලි පෙරේතයින් හැත්තක්... මේ රටට සාපයක්. 26000ක් සේවකයින්. හැමදාම බ්රේක් ඩවුන්. ඉංජිනේරුවන් ලෝක හොරු. ඒක මුළුරටම දන්නවා. හැබැයි පාලකයින් දන්නේ නැහැ. මොන ආණ්ඩුවක් තිබ්බත්. අප්‍රසාදයද එතකොට දඬුවම. මොවුන්ට දඬුවම් කරන්න නීතිය ක්‍රියාත්මක කරවන්න තරම් කොන්දක් මේ ජනාධිපතිට නැහැ. ඒක දන්නා හින්දා තව මේවා කරාවි...!
ලංකාවේ තියෙන දූෂණ නවත්තන්න තමයි සම්පූර්ණ බලය දීලා නන්දසේනව පත්කර ගත්තේ... නමුත් ඊට වඩා පල් හොර වැඩ තමයි කරන්නේ... ඉතින් කොහොමද ලංවීම එකේ දූෂණ නවත්තන්නේ?
කරුණාකර ඔවුන් දෙපාර්තමේන්තුවෙන් අස්කර දැමීමට පියවරක් ගන්න. දැන් තමයි හරිම වෙලාව...
ඔය ඔක්කොම වැදගත් හොරු. දුප්පත් මිනිහාට විතරයි හැම දඬුවමක්ම... පෙන්ෂන් ගිය අයත් ඉන්නවා මේවාට වගකියන්න ඕනෑ අය..