
(ගයාන් සූරියආරච්චි සහ ටී.කේ.ජී. කපිල)
අනුර විදානගමගේ නොහොත් මිද්දෙණියේ ‘කජ්ජා‘ නැමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතන සිද්ධියේ ප්රධාන සැකකාරියක වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළට අද (27) පෙරවරුවේ රැගෙන ආවාය.
ඇය ශ්රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් අද අලුයම 05.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවාය.
මිද්දෙණියේ "කජ්ජා" නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා හුංගම ප්රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්යවශ්යව සිටි ප්රධාන සැකකාරියක වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි ඩුබායි රාජ්යයේදී එරට පොලිසිය අත්අඩංගුවට තිබුණි.
මෙම සැකකාරිය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට මගින් ජාත්යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අනුව ඩුබායි හි සැගව සිටි මෙම සැකකාරිය එරට පොලිසිය අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීමෙන් අනතුරුව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඩුබායි රාජ්ය බලා පිටත්ව ගොස් සැකකාරිය මෙරටට රැගෙන ආහ.
සැකකාරිය මිද්දේණියේ ‘කජ්ජා‘ නැමැත්තා සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර ඇය ඝාතනය කිරීමට ආසන්න අවස්ථාව දක්වා කෙටි පණිවුඩ හුවමාරු කරගනිමින් ඇය ඔහු අදාල ස්ථානයට ගෙන්වාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාරිය විසින් ‘කජ්ජා‘ නැමැත්තා සහ දරු දෙදෙනා අදාල අවන්හල වෙත ඉතා උපාය ශීලිව කැදවාගෙන යාම සිදුකර ඇත්තේ දැනට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින බැකෝ සමන් නැමැත්තාගේ උපදෙස් මත බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd