(සුජිත් හේවාජුලිගේ )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මත්තල ගුවන් තොටුපොළ කිසිවිටෙක නොවිකුණන බව පැවසූ අමාත්‍යවරයා ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යූහගත කර හොඳ ආයෝජකයකු සමග සාමූහික ගිවිසුමකට පැමිණ රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (11) සහභාගී වෙමිනි.
අද වනවිට කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන් තොටුපොළට සේවකයන් පන්සිය හතළිස් පස් දෙනෙකු (545)අනියුක්ත කර සිටින බවත් සමහර සේවකයන් කොළඹ සිට මත්තලට බස් රථයකින් දිනපතා ප්‍රවාහනය කෙරෙන බවත් මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.
මත්තල ගුවන්තොටුපොළ අද නඩත්තු කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ උපයන මුදලින් බව පැවසූ අමාත්‍යවරයා මත්තල ගුවන්තොටුපොළ ඉදි කිරීමට චීනයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 21 ක ණය මුදලේ වාරික ගෙවීමට ඇති බවද ප්‍රකාශ කළේය.
කොපමණ පාඩු ලැබුවත් මත්තල ගුවන් තොටුපොළ පවත්වාගෙන යා යුතු බවද හෙතෙම පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු අලි දැකලා නැත්නම් බලාගන්න.
මෙතන වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට මොන ක්‍රමයකට හරි තියෙන සම්පත් කළමනාකරණය කර ගන්න බැරිකම. අර බලන්න ඔය විදියට පාඩුයි කියලා විකුණලා දාපු හම්බන්තොට වරායෙන් චීනා අද ඩොලර් තොග ගානේ අරන් යනවා. අපේ ඔය අපේ රටේ ඉන්න කළමනාකරන විශේෂඥයින් කියන මිනිස්සුන්ට බැරිද මොනවා හරි සැලැස්මක් ඉදිරිපත් කරන්න? හැමදාම ඔහේ බලන් ඉන්නවා...
සාටක පවුල පුම්බන්න කරපු වැඩ නිසා ජනතාවගේ කරපිට පැටවෙන දේවල්...
ඔය කියන එක කෙනෙකුගේ නමින් තියෙන එකක් නේද? ඉතින් අයිතිකරුගේ දේපළ විකුණා හෝ අලාභය අයකළ යුතුයි. එහෙම නැතුව ජනතා මුදල් එවැනි දේවල් සඳහා කාබාසිනියා කිරීමට ඉඩදීමට නොහැක. එයට අකමැති නම් වහාම එහි දැක්වෙන නම මකා දමන්න...
පටු දේශපානය තමයි හැම ව්‍යාපෘතියක්ම ආසාර්ථකයි කියලා කියන්න හේතුව.. මත්තල ගුවන් තොටුපල හැදුවේ මේ රටේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසින්... එය මුලින් වීරවිලට, එයට බූන්දල කුරුළු පරාදීසය ගැටළුවක් වුණා. දෙවනුව හඳපානාගලට එයටත් දන්න තරමින් කඳු ගැටළුවක් වුණා. ඊට පස්සේ අඟුණකොළපැලැස්ස එරමිණියායට එයත් කුමක් හෝ නිසා අතහැරියා.. පසුව තමයි මත්තලට ගුවන් තොටුපල පැමිණියේ. හම්බන්තොට සිට පැරණි බදුලු මාර්ගය වැටී තිබූ ඉසව්ව එක්කම තමයි ගුවන් ධාවන පථය සකස් සකස්වුණේ මේ සියල්ල මේ රටේ ගුවන් තොටුපළ දැනුමැති අයගේ නිර්දේශ හා උපදෙස් මත දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන්න ඇති. මත්තල ආරම්භ කළාට පස්සේ ලෝකයේ සෑම ජාත්‍යන්තර ගුවන් සමාගමක ගුවන් යානා මත්තලට ආවා. ගුවන් මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයත් සිදුවුණා. යහපාලන ආණ්ඩුව පැමිණි පසුව එම ගුවන් ගමන් සියල්ල නතර කරලා වී ගබඩා කළා ඊට පස්සේ ගුවන් යානා වෙනුවට ආවේ වී ලොරි... දැන් නිමල් සිරිපාල ගිහිල්ලා කියනවා පාඩුයි කියලා බදුල්ල පැත්තේ ගුවන් තොටුපල හදලා තිබුණා නම් පාඩු නැහැ. හොඳයි. මෙය තමයි දේශපාලන කුහකකම.. අපේ නොහැකියාව විදේශ ආයෝජකයින්ට රටේ ව්‍යාපෘති තෝතැන්නක්...
රට කෑ දූෂිත පවුල් පාලනය නිසා මේ රටට සිදුවූ හානිය මෙතෙකැයි කියා කිව නොහැකිය.
ඕක පුද්ගලීකරණය කරන්න. එක්කෝ ගුවන් යානා එන විදිහට වැඩපිළිවෙළක් හදන්න. නැවත වී ගබඩා නොකර... ඒවගේ දුෂ්ඨ වැඩ එපා... වඩාත්ම හොඳයි පුද්ගලික අංශයට දෙනවා නම්...
රාජපක්ෂලා සුදු අලි ඇතිකරලා රටට ඩොලර් අහිමිවීමේ ප්‍රතිඵල අද ජනතාවට විඳවන්න සිදුවෙලා.
බිම කොටලා පොළව සකස්කොට මඤ්ඤොක්කා හිටවන්න.
තමන්ගේ බඩ වඩා ගන්නත්, නම කොටාගන්නත් තමන්ගේම උපදේශකයොත් අරගෙන රාජපක්ෂලා නිලධාරීන් හරහා ක්‍රියාත්මක කළා. ඇතැම් නිලධාරින්ද දූෂණයට පැටලෙන්න ඇති. අදත් රාජපක්ෂ වන්දනාවේ යෙදෙන අය කොතරම් ඉන්නවාද? මත්තල සිට අධි වේගයකුත් හදපු එක කටුනායක ගුවන් තොටුපල තිබියදී මත්තල ගුවන් තොටුපල දැවැන්ත නාස්තියක්. මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවටත් කොතරම් ණය වුණාද? අදත් නඩත්තුවට කොතරම් වියදම් කරනවාද? දැන් ජනතාවට ඩොලර් වලින් ණය ගෙවන්න සිදුවී ඇත.