
(උපුල් හේරත්)
ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය ඉදිරිපිට රථගාලෙන් ඉවත් කළ අනවසර කඩ යළි එම පුද්ගලයන් බලහත්කාරයෙන් තාවකාලික ඉදිකිරීමට සූදානම් වෙද්දී උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම ස්ථානයේ ඉදිකර තිබූ වෙළෙඳසල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,පොලිසිය, හා විහාරස්ථානයේ නියෝගයන්ට අනුව ඉවත් කර තිබුණි.
නැවතත් එම අනවසර ඉදිරකිරීම් කරද්දී කලාප බාර පුරාවිද්‍යා නිලධාරිනි එම්.ඩී වසන්ති දිසානායක මහත්මිය සමඟ දැඩි ආවේගශීලී වචන හුවමාරුවක් ද සිදු විණි.
එහිදී උද්ඝෝෂණකරුවන් කියා සිටියේ,අපි මෙම වෙළඳසල් ඉදිකිරීමෙන් නතර කරනවා ඔබතුමියට පුළුවන් නං අපිට මේ දවස් දෙක කන්න - බොන්න දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් නීතිය අතට ගන්න දෙන්න එපා. උසාවි දාන්න. පරිප්පුවක් කාලා පාඩමක් ඉගෙන ගනියි.
මේ අමාරු කාලේ මනුස්සයෙක්ගේ අදායමක් නැති කරන එක හොඳ මදි නේද? කව්රුත් සතුටින් ඉන්න දවසක් ආවාම අතිශය අත්‍යාවශ්‍ය නොවන නීතිත් ක්‍රියාත්මක කරන රටක් හදමු නේද? ගිය මාසේ මම මෙතැනින්ම මනුස්සයෙක්ගෙන් රූප කොළයක් ගත්තා. එයා කිව්වේ ගොවිතැන් කරන්න විදියක් නෑ කියලා ඉස්සර වගේ... එත් හිඟාකන්නේ නැති, හොරකම් කරන්නේ නැති අහිංසක මිනිස්සු...!