(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාවෙන් ලංකාවට ලබා දීමට පොරොන්දු වූ යූරියා පොහොර නැව ජූලි10 හෝ 11 කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යූරියා මෙට්‍රික් ටොන් 65000ක් රැඟත් එම නෞකාව ජුනි 28 වැනිදා ඕමානයෙන් පිටත් වීමට නියමිත බව කී මහින්ද අමරවීර මහතා ජුලි 15වැනිදා සිට අදාල පොහොර ගොවීන් වෙත බෙදා දීමට හැකි වන බව සඳහන් කළේය.
අදාල යූරියා තොගය පොහොර ලේකම් කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට බෙදා දෙන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් දස දහසකට අලෙවි කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
යල කන්නයේ වී හා බඩඉරිඟු ගොවීන් සඳහා මෙම පොහොර ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ ඉන්දියාවේ ප්‍රයෝජනය සඳහා ඇනවුම් කර තිබූ මෙම පොහොර නැව පසුව ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කළ බවයි.ශ්‍රී ලංකාවට අසීරු අවස්ථාවක ඉන්දියාව ගත් එම තීරණය සම්බන්ධයෙන් කෘතඥතාවය පළ කළ යුතු බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ඉන්දීය යූරියා පොහොර නැව ජුලි 10 හෝ 11 ලංකාවට‘