IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


‘ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටත් බාධා‘

(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් වියළි ඖෂධ 237 ක් සහ අමු තත්ත්වයේ ඖෂධ 136 ක් නිෂ්පාදනය කිරීමට නොහැකිව ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කළේය.

ඔවුන් මෙම අනාවරණය කළේ අග්‍රාමාත්‍යවරයා පත් කළ සෞඛ්‍ය කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා සමඟ  අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.

ඩොලර් ගැටළුව හා සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම යන කාරණය මත මෙලෙස අමුද්‍රව්‍ය සැපයීම ඇනහිට ඇතැයි එහිදී රජයේ ආයුර්වේද වෛද්‍යවරු හෙළිදරව් කළහ.

 මේ නිසා දිවයින පුරා පවතින ආයුර්වේද රෝහල්වල හා බෙහෙත් ශාලාවල දැඩි ඖෂධ හිඟයක් පවතින බවද ඔවුහු සඳහන් කළහ.

ආයුර්වේද වෛද්‍යවරුන් 2750 ක් පමණ සිටින බවත් ඉන් 1100 ක් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් බවත් එහිදී සඳහන් විය.

ඖෂධ හිඟයට පිළිතුර දේශීය ඖෂධ ආනයනය වෙනුවට  මෙරට ඖෂධ වගාව ඉහළ නැංවීම සඳහා  රජයේ මැදිහත්වීම වැඩිකිරීම බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.

 



අදහස් (3)

‘ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටත් බාධා‘

පුරවැසියා.... Sunday, 12 June 2022 10:49 AM

ඩයනා නෝනාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම මීට එක් විසඳුමක්. එම යෝජනාව හෑල්ලුවට ලක් නොකොට දැනට ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ගංජා කිසියම් ක්‍රමවේදයක් යටතේ මේ රට වගා කිරීමට පියවර ගත යුතුයි.

:       2       1

Hafeel Sunday, 12 June 2022 11:43 AM

දැන් රටේ අගමැතිත්, අගමැති පත්කළ කමිටු ප්‍රධානීනුත් කියන්නේ රටේ ඩොලර් නැහැ සහ රටේ අර්බුදය ගැන... මේ අර්බුදවල් රටේ ජනතාව දන්නවා. නමුත් අගමැති වැඩ බාරගත්තේ වත්මන් අර්බුදවලින් රට බේර ගන්නවා කියලා. දැන් අගමැතිටත් අර්බුදය විසඳන්න ක්‍රම නැහැ වගේ තමයි පේන්නේ...

:       1       3

Bamunuarachchi Monday, 13 June 2022 08:08 AM

ඕක කියන්න දෙයක්ද හලෝ? ඩොලර් නැති වුණාම හැමදේම නැතිවෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 302 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 77 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 254 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site