
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රට තුළ ඉකුත් මැයි 09 දා උද්ගත වූ කලහකාරී අවස්ථාවේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ දේපළවලට පහර දී අලාභහානි කිරීම හා කොට්ටාව පිවිසුම අසල අධිවේගී මාර්ගය හරස් කොට වාහන දෙකකට පහරදී ගිනි තැබීම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ හෝමාගම හරිත සරසවියේ සිසුවකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම හරිත සරසවියේ තෙවන වසරේ ඉගෙනුම ලබන හෝමාගම සමගි මාවත ගලවිල පාරේ පදිංචි පුද්ගලයකු හා හෝමාගම මාගම්මන පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි .
ඉකුත් මැයි 09 දා සවස කොට්ටාව පිවිසුම අසල අධිවේගී මාර්ගය හරස් කොට එහි ගමන් ගත් වාහන නවතා අනවසරයෙන් පරීක්ෂා කොට එහි ගමන් ගත් සිවිල් ජනතාව භිය ගන්වා තර්ජනය කොට පහරදීම් සිදුකොට තිබූ බව පොලිසිය කියයි .
එහිදී අම්පාර ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාගේ නිළ රථයට හා පුද්ගලික බස් රථයකට ද පහර දී ගිනි තබා විනාශ කර තිබු අතර ගින්නෙන් බස් රථය හා ජීප් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබූණි .
මේ අතර හෝමාගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයට පැමිණ එහි ආරක්ෂක නිළධාරියා භිය ගන්වා අනවසරයෙන් ඇතුළු වී එහි ගාල් කර තිබූ ප්‍රාදේශීය සභාවේ උප සභාපති වරයාට අයත් බව පැවසෙන මෝටර් රථයක් ඇතුළු වාහන තුනකට පහර දී අලාභ හානී සිදුකොට තිබූණි .
පසුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ලද පැමිණිලිවලට අනුව අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භකර තිබූ අතර එහිදී අනාවරණය කරගත් තොරතුරකට අනුව මෙම පුද්ගලයන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ද රටට පිළිලයක්. මොවුන් ඉන්නාතුරු රටට ආයෝජකයන් එන්නේ නැත..
දැන් ඉතින් අර අහවල් සංගමය එයිද බලමු. මේ අයගේ ගොන්කම්වලට දැන් ඉතින් අහිංසක දෙමව්පියන් තමයි දුක් විඳින්නේ...
හා දැන් කුරුටුගාමී අයියලයි, ජේවීපී අක්කලයි සපෝට් එකට එවී නේද මල්ලිලා...? කන්නේ, අඳින්නේ දෙමව්පියන්ගෙන්... ඉන්නේ දෙමව්පියන් ළඟ... කුරුටු ගාමියොයි, ජෙප්පොයි එක්ක එකතුවෙලා වෙනස් කරන්න හදන්නේ දෙමව්පියන්ගේ ජීවත් වෙන ක්‍රමය. දැන් නඩුවලට වියදම් කරන්නේ ජේවීපී කුරුටුගාමී අරමුදලෙන්ද?
රට මේ තත්වයට බංකොළොත් කරපු දේශපාලකයෝ ගැන කිසිම පරීක්ෂණයකුත් නැහැ.. දඬුවමකුත් නෑ.. ඒත් රට අරාජික කළ අයට අයින් වෙන්න කියලා උද්ඝෝෂණය කරන අය නම් අල්ලනවා. දේශපාලකයෝ, උසස් නිලධාරීන්, මාධ්‍යයන් එකතු වෙලා අපේ රට නැති කරලා දානවා.
ජෙප්පොයි, පෙරේට්ටොයි අන්තරේ ඉන්නේ. ගිනි තියන්නේ ඔවුන්. මේවා හදන්න සල්ලි මහජන මුදල්, නීතිය දන්නා උදවිය නොමිලේ පෙනී ඉඳලා ඇප අරන් දෙනවනේ... ගැටළුවක් නැහැ...!