(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් පුවත් ඒජන්සි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
තමා මීට පෙර ආණ්ඩු නියෝජනය කරද්දී මිනිසුන්ට ආහාර වේල් තුනක් ලබා දී ඔවුන්ගේ ආදායම වැඩි කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා නැවතත් පෙර තත්ත්වය ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පැවසීය.
මෙවැනි දෙයක් ශ්‍රී ලංකාවේ කිසි දිනෙක දැක නැති බවත් කිසිදා එසේ වනු ඇතැයි නොසිතූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අමාරු කාල තිබුණත් ඉන්ධන නැති, ආහාර නැතිව දුක් විඳින ලාංකික මිනිසුන් තමා මීට පෙර දැක නොතිබූ බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුල් කඳුළු...!
දුක දැනෙනවා නම් දූෂිත පවුල් පාලනේ ඔවුන් හොරාකාපුවා අයකරගන්න ක්‍රමයක් හදලා ජනතාවට සහන සළස්වන්නනේ ඕනේ. පාර්ලිමේන්තුවට ඇවිත් නිකම් බහුබූත කියවන්නේ නැතුව.
‘‘මිනිසුන්ගේ දුක අගමැතිතුමාගේ හදවතට තදින් දැනෙනවා‘‘ නම් සහ විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයා හදවතටත් තදින්ම දැනෙනවා ඇත. එයට හේතුව ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සිටි කෙනෙකු නිසාත් මේ වනවිටත් ඔහුගේ පුතා, බිරිඳ සහ දරුවත් කිසිදු පීඩාවක් (ගෑස්, ඉන්ධන) නොමැතිව සිටිනුයේ ඇමෙරිකාවේ නිසාත්ය. මේ වනවිට ලංකාවේ දැනට දේශපාලන සහ ආර්ථික අර්බුදයට මැදිව පීඩා විඳින්නා වූ ශ්‍රී ලාංකිකයන් හට විසඳුම් අවශ්‍ය වේ... ගෑස්, ඉන්ධන සහ පොහොර ලබාදෙන්නේ නම් මෙම පීඩනය යම් තාක් දුරට සමනය කළහැකි වේ. ත්‍රීවිල් කරුවාගේ සිට කුඩා වෙළෙඳ ව්‍යාපාරිකයා සහ ගෑස්, ඉන්ධන නොමැතිව ඔවුන්ගේ කාලය පෝලිම්වල ගත කරමින් සිටියි. මෙවැනි ආකාරයට කාලය විනාශ වීම රටේ ආර්ථිකයට දැඩිලෙස බලපානු ඇත...
දෙවනුව ලොවපුරා පදිංචිව සිටින්නා වූ ඩයස්පෝරා (සිංහල සහ Tamil) කණ්ඩායම් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳීමට විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කළහැකි බව කියා සිටියත් ජනාධිපතිවරයා ඉවත් වනතුරු එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. එම නිසා සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ පීඩනය හදවතට තදින්ම දැනෙනවා නම් විදේශ සහයෝගයත් නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවෙන් පවා ඔහුට සහයෝගයක් නොමැති නම් රටේ ගැලවුම්කරුවා ඔහුටම විය හැකියි. විසඳුම් නොමැතිව තනතුරේ රැඳී සිටිනවාට වඩා අර්බුදයට විසඳුම ජනාධිපතිවරයා ජනාධිපති තනතුරින් ඉවත්වීම නම් ඔහුට එසේ කළ නොහැකි මන්ද?
මම ඔබටවත්, ඔබේ පක්ෂයටවත් කවදාවත් ඡන්දේ දීලා නැහැ. ඇත්තටම මට ඔබ දිරවන්නේ නැති පොරක්. 2004 මහා මැතිවරණය ජවිපෙට දුන්නාට පස්සේ 2015 යහපාලනේට මෛත්‍රිට නම් දුන්නා. නමුත් මේ වගේ වෙලාවක මේ වගේ වගකීමක් ගන්න කොන්දක් තිබ්බ එකම නායකයා ඔබ. ඒකට ගරු කරනවා...
අනේ පව් අහිංසකයා... මෙයත් මේ විනාශයට වගකියන්න ඕනෑ. 5 වතාවක් රටේ අගමැති ආර්ථිකයට මොනවද කළේ...? හම්බන්තොට වික්කෙත් මෙයා... ඒ වගේම බැඳුම්කර වංචාව වහන්න මොනතරම් සෙල්ලම් දැම්මාද? මෙයත් එකයි, රාජපක්ෂලත් එකයි.. දැන් ඩීල් දාගෙන රදළ දේශපාලන බලය රැකගන්නයි ට්‍රයි එක.. අගමැති ඔයා අපි ගැන දුක් වෙන්න එපා... ආපු වැඩේ කරන්න බලන්න. රාජපක්ෂලත් නිදහස් කරලා කරපු පව් හිලව් කරගන්නවත් රට ගොඩදාන්න අවංකව වැඩ කරන්න. ඔයාලා මොන සෙල්ලම් දැම්මත් දේශපාලුවන්ට රටේ පිළිම හදලා මල් පූජාකරපු කාලය ඉවරයි...!
අපි කිව්වේ මේ ආණ්ඩුවට සහ නන්දසේනට ඉල්ලා අස්වෙන්න කියලා. ඔබතුමා නන්දසේන එක්ක ඩීල් එකක් ගහගෙන හිටපු අයටම ඇමැතිකම් දීලා තවත් රට බංකොළොත් කරන්නයි යන්නේ..
මෙතෙක් කිසිඳු සාධනීය ක්‍රියාමාර්ගයක් ආර්ථික අර්බුදය පිළිබඳව ගත් බවක් පෙනෙන්නට නැත. ලෝකයම ආර්ථික අර්බුදයකට යමින් සිටියදී තවමත් එදාවේල ආර්ථිකයක් ගෙනයාමට සිතීම අමු මෝඩවැඩක්. මොකද අනික් රටවල් වලට තමන්ගේ ආර්ථිකය බේරගන්න මිසක් ලංකාව වගේ ණය නොගෙවන රටක් බේරගන්න තරම් පිස්සු නැහැ. ඒ නිසා ගන්න පියවරක් දැම්ම කරොත් මිසක් පරක්කු වුණොත් වැලේ වැල් නැතිව ඉන්න වෙන්නේ...!
මේ වගේ වේලාවක මේ වගේ වගකීමක් ගන්න කොන්දක් තිබ්බ එකම නායකයා ඔබ. ඒකට ගරු කරනවා.
එහෙනම් දැන් ඉන්නේ ඉස්සර හිටපු රනිල් නෙමෙයි.
විකාර තමයි.
එහෙම දෙනවා නම් අර යුද්ධය කාලේ ඒ යුද්ධය ඉවර කරන්න ආධාර දෙන්න එපෝ කියලා ලෝකය වටේ දිව්වේ...? සමහරවිට දුක දැනෙන්න ගත්තේ මේ ළඟදී නවගුණ වැල ගනින්න පටන්ගත්තාට පස්සේ වෙන්න ඇති..
දුක දැනෙනවා නම් පළමුවෙන් කළයුත්තේ රජපක්ෂලා නොමැති පාලනයක් ගොඩ නැගීමයි. රාජපක්ෂලා බලයේ සිටිනතුරු අපට විදේශ විනිමය නොලැබෙන අතර එමගින් තෙල්, ගෑස් මිලදී ගැනීමට නොහැකිවීමෙන් රට තවතවත් ආර්ථික පරිහානිය කරා ගමන් කරනවා.
නැතුව නැතුව... අනේ ඉතිං රනිල් දුප්පතාගේ හිතවතා වෙලානේ... අපි නොදන්න රනිල්...!
මේ තවත් කෙනෙක්. දැන් අපිට තව පිස්සන් කොටුවක් තියෙනවා...
මේවා අහලා පණ පලයං පෙරේදා. අපායෙ ඉඳලා හිටලා හරි මතක් වෙන ගමන් සුදු කොඩිත් පෙනිලා යම රජ්ජුරුවන් කතාකරලා වගේ. මෙයාටත් හදවතක් නැහැ... මයිනා ඇතුළු රාජපක්ෂ හොර නඩේ වගේම තමයි.
මිනිස්සුන්ගේ දුක දැනුණාට රටේ අහිංසක ජනයාගේ දුක දැනෙන්නේ නැහැනේ.. මොකද රජයේ ප්‍රධානියෙකුට රටවැසියා මිනිස්සු නොවන නිසා...!
"සේ වනු ඇතැයි නොසිතූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය". අපි නම් මේවා දැක්කා, නුඹලාට දකින්න තරම් මොලයක් නැති නිසා තමයි රටට මෙහෙම වෙන්නේ. ණය අරගෙන, ණය ගෙවන්න මාර්ග සකස් නොකර, ඒ ණයෙන් කකා බිබී ඉඳලා (පාරවල් හදලා, ගොඩනැගිලි හදලා ටිකක් ගසාත් කාලා), පස්සේ ඒ ණය ගෙවන්න වෙන ණය ගන්න කොට, අපිට නම් තේරෙනවා වැඩි කල් නොයාම කෙළවෙනවා කියලා.. නූගතුන් රජ කළාම මෙහෙම නොවෙනවා නම් තමයි ප්‍රශ්නේ...!
ජනතාව වෙනසක් අපේක්ෂා කරත් ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ඇවිත් පැවැති ක්‍රමයම ආරක්ෂා කරගෙන හොර දූෂණ ගැන කතා නැතිව ඔහේ යනවා... හොඳට තිබුණු රටක්... අද විනාශයටම යනවා.
ඇත්තටම දුක දැනේ නම් පළමුව ඔබ කළ යුත්තේ විශ්‍රාම යෑමයි. අපට යහපත් ආර්ථිකයක් හදාගන්න ආචාර්ය මහාචාර්යවරු ඕනෑතරම් ඉන්නවා.
ඒක නිසාද ඔයා මහබැංකුව හොරා කන්න ඇරියේ? ඇලෝසියස් රවීට අල්ලස් දුන්නේම නැද්ද? අර කොල්ලුපිටියේ ගෙදර කේස් එක බොරුවක්ද?
රට බංකොලොත් කිරීමට වගකිවයුතු එක්කෙනෙක් මෙයත්... 6 වතාවක් රටේ අගමැති වෙලා හිටිය ඒ කරපු දේවල් වල ප්‍රතිඵල තමයි මේවෙලා තියෙන්නේ.. !
මේකට වැඩියෙන් වගකියන්න ඕනේ මෙයා තමයි. මහ බැංකුව හොරා කමින් තමයි ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. මේ අර්බුදයේ නිර්මාපකයා මෙයා තමයි. මෙයාගේ කාලේ ආපහු කාටවත් ණය ගන්න බැරි විදිහට ඩොලර් බිලියන 12.5 බැඳුම්කර ගත්තා වැඩි පොළියට... චීනෙන් ඊට වඩා අඩු පොලියට ගන්න පුළුවන්. මත්තල විනාශ කළා. හම්බන්තොට විකුණුවා... රටට විශාල හානියක් කළා..
අඩුම ගානේ යුද්ධය අන්තිම කාලෙවත් වචනයකින්වත් සහයෝගයක් දුන්නේ නැති කෙනා අද කිඹුල් කඳුළු සලන හැටි. රට බේරාගත්ත අය පැත්තක.. අද වෙනත් අයට වාසිය..
නන්දසේනට පණ බේරාගන්න මුක්කු ගහලා දැන් අපිට බණ දේශනා කරන්න හදන්නේ අපි මැරිලා උපන්නා කියලා හිතාගෙනද? මේ කට්ටිය එකතුවෙලා රටට කරපු හරිය තමයි අපි අද මේ ගෙවන්නේ... මෙයාව එළවන්නේ නැද්ද අපි?
කොහොම වුණත් දර්ශනයක් හා දැක්මක් අති එකම දේශපාලන නායකයා ඔබයි. නමුත් අර්බුදයෙන් ගොඩ එන්න දෙන නව ලිබරල්වාදි ප්‍රතිපත්ති වට්ටොරුව නම් සැර වැඩියි.. වැට් වලින් බදු ගහන කොට භාණ්ඩ මිල වැඩිවේ. මේ නිසා පරිභෝජන ප්‍රමාණය අඩුවෙනවා. එතකොට නිෂ්පාදනය අඩුවෙලා තවත් ආර්ථිකය පිරිහෙනවා. මෙයට මිනිසුන්ගේ ආදායම වැඩි කරන ක්‍රමයක් තිබිය යුතුමයි.
අනේ යන්න...!