(චන්ද්‍රසේන ගමගේ)
අනවශ්‍ය විදියට සහල් සහ වී තොග රැස්කරන්න එපා.වී තොග ප්‍රමාණවත් තරම් රට තුළ තිබෙනවා. වී අළෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කොට 12 දිනයේ සිට සතොස වෙළදසල්වලට සමූපකාර වෙළදසල්වලට හා සුපිරිවෙළදසල්වලට නිකුත් කරනවා. එම සහල් රුපියල් දෙසීයට අඩුවෙන් දෙන්න තීරණය කොට තිබෙනවා යැයි කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පසුගිය දිනවලදී මමත් අගමැති තුමාත් තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුත් රටේ පවතින සැබෑ තත්වය කිවුවා.ඒ ප්‍රකාශවලින් පසුව අනිසි බියක් ඇති කරගෙන මේ රටේ බොහෝ අය සහල් සහ වී තොග රැස් කරන්න පටන් ගත්තා. නමුත් එසේ කළ යුතු නෑ.රට තුළ ප්‍රමාණවත් තරම් වි තොග තිබෙනවා. යම් අයෙක් වී තොග සඟවාගෙන ඉන්නවානම් ඒවා වෙළද පොළට නිකුත් කරන්න පියවර ගන්නවා. ඉදිරි දින කිහිපය තුළදි පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් යොදවා වී තොග ස්ථාන ගත කර ඇති තැන් හා තොග පිළිබදව තොරතුරු එක්රැස් කර ගන්නවා. සඟවා ගෙන සිටින වී තොග වෙළද පොළට නිකුත් කිරීම සදහා අවශ්‍යනම් හදිසි නීතිය පවා පාවිච්චි කරන්න වෙනවා. දැනට එහෙම අදහසක් නැතත් ජනතාවගේ යහපත ගැන සිතලා එසේ කරන්න වුණත් සිදු විය හැකියි.
අපි ඇත්ත කිවුව නිසා ජනතාව වගා කරන්න පටන් ගත්තා.මේ කන්නයේ මුලදී වී වගාව සිදු කරල තිබුනේ හෙක්ටර් යාර් 270 000 ක් පමණයි. නමුත් අපේ ප්‍රකාශයෙන් පස්සේ මේ රටේ ජනතාව වගා කරන්න පටන් ගත්තා. මේ වන විට හෙක්ටර්යාර් 4 70 000 ක වී වගාව සිදු කරන තිබෙනවා. පොහොර නොමිලේ දුන්න කාලවලටත් වැඩියෙන් මේ කන්නයේ වගා කොට තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලකයින් කළයුතු වන්නේ රට කඩා වැටී සාගතයක් එන බව ප්‍රකාශ කරමින් ජනතාව බිය ගැන්වීම නොව එවන් තත්ත්වයක් ඇති නොවන්නට වගබලා ගන්නා බව ප්‍රකාශ කිරීමයි. කෘෂිකර්ම ඇමැතිවරයා විසින් සහල් හිඟයක් ඇතිවන බවට කළ ප්‍රකාශය නිසා අද ජනතාව සහල් සහ වී රැස් කිරීමට පෙළඹීම හේතුවෙන් වී මිටියක මිල රුපියල් 10,000 දක්වා මිල ගොස් ඇති බව දන්නේද?
ඇමැතිතුමනි, අගමැතිතුමනි... කතාකරගෙන එකක් කියන්න. කරන්න බැරි නම් තොලොංචි වෙලා යන්න... රට තවත් බංකොළොත් කරන්නේ නැතිව..
මොනවද මේ ඔබතුමන්ලා කියන්නේ...? අසරණවෙලා ඉන්න මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න එපා. ඔබතුමන්ලා කොහේ ඉඳන්ද කථා කරන්නේ...? හිටපු ඇමැතිතුමා කියපුවා මතකයිනේ... ඒකම ඔබතුමාත් පටන් ගත්තාද? අගමැතිතුමා එකක් කියනවා ඔබතුමා තව එකක් කියනවා. අයියෝ අපේ රට පාලනයට ඇවිත් ඉන්න පාලකයින්ගේ තරම...!
සහල් ගැන ගැටළුව එන්නේ බඩගිනි වුණාම කියලත් මතක තබාගන්න...