එක් කෝටි අනූ ලක්ෂයක මත්ද්‍රව්‍ය රේගු දැලේ
රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් ( රුපියල් මිලියන 19 ක් ) පමණ වටිනා කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, පාර්සල් ලෙස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත තැපැල් ඔස්සේ එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.