සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දන්වයි මීගමුව, කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානයේ මීසම් පාලක ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද(8) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය 08 November 2021
කොම්පෝස්ට් හා වසුරුවල වස ලංකාවේ කසළ කඳුවලින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට්වලින් හා වසුරු පොහොරවලින් මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එකතුවන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ‘ලංකාදීප’යට පැවැසුවාය. 08 November 2021
සිරිල් ගාමිණි පියතුමාගේ පෙත්සම සළකා බැලීම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් , තමාව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (8) දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය. 08 November 2021
මාලදිවයිනේ ජනාධිපති මෙරට නිල සංචාරයක මාලදිවයින ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සොලීච් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 08 November 2021
අත්තනගලු ඔය අධි ගංවතුර මට්ටමේ පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද ( 8) උදෑසන වනවිට අධි ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව ගම්පහ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 08 November 2021
කොරෝනා යළි හිස ඔසවන ලකුණු දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් රෝහල් පද්ධතියට දැනෙන ආකාරයේ වැඩිවීමක් දක්නට ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 08 November 2021
ඔට්ටමාවඩිහිදී අවසන් ගමන් ගිය සංඛ්‍යාව 3200ක් දක්වා ඉහළට මඩකලපුව ඔට්ටමාවඩි කොවිඩ් පොදු සුසාන භූමියේ භූමිදානය කර ඇති කොවිඩ් මෘතදේහ සංඛ්‍යාව තුන් දහස් දෙසීයක් (3200) දක්වා ඉහළ නැග ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 08 November 2021
’’සියලු පාසල්වල 6-9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු කඩිනමින්’’ දිවයිනේ සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 08 November 2021
කොවිඩ් නිසා දරුවන්ගේ අධ්‍යාපනය පසු බැහැලා ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීමෙන් 2021 වසරේ බස්නාහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 90 කින් ද, සෙසු පළාත්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 70 කින් ද, පාඩුවී ඇති බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. 08 November 2021
චීන පොහොර නෞකාව බේරුවල මුහුදු තීරයේ චීන සමගාමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කළ විවාදයට තුඩුදී තිබෙන කාබනික පොහොර රැගත් නෞකාවට බේරුවල මුහුදු තීරයේ තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළේය. 08 November 2021
පොලීසියෙන් යැයි පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ලෙස පෙනී සිටිමින් විමර්ශන සිදුකරන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය . 08 November 2021
වැස්ස අදත් සැර වෙයි බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2021
ආසාදිතයන් තවත් 168ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 168 දෙනකු අද(7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 November 2021
අග්‍රහාරයට මුදල් කැපීමට විශ්‍රාමිකයෝ විරුද්ධයි අග්‍රහාර රක්ෂණයට මුදල් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට විරුද්ධ බවත් ‘කොවිඩ්’ අවදානම තුළ විශ්‍රාමිකයන් ද උද්ඝෝෂණ කරන තත්වයට පත්නොකළ යුතු බවත් සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය පවසයි. 07 November 2021
පී.සී.ආර් කට්ටල මිලට ගැනීමේදී රජයට කෝටි 12 පාඩුවක් වෙළඳපල සාමාන්‍ය මිල ගණන් නොසලකා හැර, ඉහළ මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවකුගෙන් පී.සී.ආර් කට්ටල මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි 12කට අධික (රුපියල් මිලියන 125ක) පාඩුවක් සිදුව ඇතැයි 2020 විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. 07 November 2021
කඳසුරිඳුන්ට පිදූ රන් තැටිය ගැන අහන්න අංගොඩ ලොක්කාගේ බිරිය කැඳවයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පවුම් 38 ක රන් තැටියක් පූජාකිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පේලේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කාගේ බිරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය ආරංචි මාර්ග පවසයි. 07 November 2021
සෆාරි ජිප් රිය පෙරළී එකක් මරුට අටක් රෝහලට හබරණ හුරුළු ජාතික වන උද්‍යානයේදී සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය පවසයි. 07 November 2021
ගංගා නවයක් චන්ඩ වෙයි පවතින වැසි සහිත කාලගුණ තත්වය අනුව දිවයිනේ ප්‍රධාන ගංඟා නවයක් ආශ්‍රිතව ඉදිරි දිනවලදී ගං වතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2021
කොරෝනා මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 November 2021
ගෝලිය කොරෝනාවාර්තා ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 07 November 2021
වැස්සෙන් 4391 පීඩාවට දින ගණනාවක් තිස්සේ පැවති තද වැසි සමඟ ඇතිවූ ගං වතුර, අකුණු සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පවුල් 1,143 කට අයත් 4,391 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 07 November 2021
කොරෝනා ආසාදිතයන් තවත් 458ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 458 දෙනකු අද (7) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 07 November 2021
මහාචාර්ය මෙත්තිකාට තවත් ලෝක සම්මානයක් ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය. 07 November 2021
‘‘අයවැය ගැන විශාල බලාපොරොත්තුවක් නෑ‘‘ එළැඹෙන අයවැය විශාල බලාපොරොත්තුවක් නෑ. එවැනි බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් මේ වන විට රටේ ආර්ථිකය තුළ නැහැ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි. 07 November 2021
කෝටියක මත්කුඩු සමග අයෙක් සැකපිට විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන වූ බව කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවකු වන ’’පානදුර සළිදු’’ නැමැත්තාගේ ගෝලයකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ මත්කරල් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. 07 November 2021
ජනපතිගෙන් පියාට පුෂ්පෝපහාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු පාර්ලිමේන්ත්‍රී දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 54 වැනි ගුණසමරු උත්සවය තංගල්ලේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පෙරවරුවේ පැවැත්විණි. 07 November 2021
පැමිණිල්ල ලැබෙන්නත් පෙර හොරු අල්ලයි කටුගස්තොට ඉනිගලින් ත්‍රිරොද රියක් සොරකම්කර එම ත්‍රිරෝද රියෙන් ගොස් බරිගම කඩයකට සුද්දයක් දැමූ බව කියන දෙදෙනකු පැමිණිල්ල ලැබීමටත් ප්‍රථම අත්අඩංගුවට ගත් පුවතක් කටුගස්තොට පොලිසියෙන් වාර්තා වෙයි. 07 November 2021
දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව හෙට (08) සිට දුම්රිය ධාවනය කරවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 07 November 2021
කොවිඩ් මර්දන කරලත් ගේන්න යයි කොවිඩ් මර්දනය සඳහා එන්නත වෙනුවට භාවිත කෙරෙන ප්‍රතිවයිරස කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉහළ අවධානය යොමුවී ඇත. 07 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026