(සුජිත් හේවාජුලිගේ)
රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසූවේ " රට බංකොළොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද"යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ(12) පැවැත්වූණු සම්මන්ත්‍රණයකදීය.
පවුල් දේශපාලනය මෙහෙයවපු මිනිහා අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගොස් ඇති බවත් එවැනි දේවල් කරපු මිනිහකුට මෙහෙම රට යන්න පුළුවන් දැයි ප්‍රශ්න කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ඔහුට දැන් කිසිම වගකීමක් නැතැයිද රතන හිමියෝ පැවසූහ. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිනාසී ගෙදර ගිය බවත් අද ඔහු ගැන කිසිදු සාකච්ඡාවක් රටේ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනිත් 224 නැතිද?
ඒකම තමයි හාමුදුරුවනේ අපිත් කියන්නේ. එයාව නිදොස්කොට නිදහස් කරන්න බැරිවෙන්න නඩුවක් දාන්න.
බැසිල් පාර්ලිමේන්තු ගත කළේ කවුද?
උපවාසයක් කළොත් හරි නේද?
අනේ හාමුදුරුවනේ.. බැසිල් ගියානේ. දැන් බලමුකෝ තව සිරගත කළ යුතු අය ඉන්නවා නම් ඒ අයගෙ නාම ලේඛණය.
ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කියලා සකය පිඹගෙන ආපු හැටි මතක නෑ වගේ. බැසිල් විතරක් නෙවෙයි දූෂිත පවුල් පාලනේ හැමෝම, වටේටම හිටපු දූෂිත දේශපාලුවන් ඔක්කෝම හිරේට දාන්නයි වටින්නේ...!