(අංජුල මහික වීරරත්න)
වී මෝල් හිමියන් තමන් සතු වී තොග සහල් කර වෙළෙඳ පොලට නිකුත් කරනවාද යන්න අධීක්ෂණය කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් පෙරේදා (12) සිට වෙළෙඳ පොළ අවශ්‍යතාව පරිදි සහල් තොග නිකුත් කිරීම ආරම්භ කළ බව ද අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව ඊයේ (12) දින සතොස සඳහා සහල් මෙට්‍රික් ටොන් 500ක් සැපයූ බවත් ජූනි මාසයේ ඉදිරි දින කිහිපයට සහල් මෙට්‍රික් ටොන් 2400ක් සැපයීමට කටයුතු යොදා තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අං දෙකම දුන්නා නම් තමයි හොඳ...
ඇමැතිතුමා, ඔබතුමා අණ දුන්නාට අර මහා ජලාශය ඇති පළාතේ ඇති වී තොග ගැන බලාවි යන්න සැකයි. වරක් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකුත් එහේ ගිහින් ආවේ හිස් අතින්. අපිට ඔබතුමා ගැන විශ්වාසයක් ඇති නිසා මෙවර කටයුතු කිරීම බලාසිටින්නම්...
ඊට කළින් අර හාලේ ඩේටා බේස් එක හොයාගත්තා නම් හරි. ඒකෙ තියෙනවා කිව්වනේ කාගාවද හාල් තියෙන්නේ..? කොච්චරක්ද කියලා...!
මේ ඔක්කොම අම්බරුවන්ම තමයි.
රටට සාපයක් වුණු ඔයාලට මුකුත් කරන්න බෑ.
දූෂිත දේශපාලුවන් හරියට කටයුතු කළානම් මෙහෙම වෙයිද? හරි නම් කරන්න තියෙන්නේ අමුඩ ගස්සලා කුඹුරට බස්සවන එක...