අඩු ආදායම්ලාභීන්ට මාස තුනක් සඳහා රජයෙන් දීමනාවක් රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක කාලයක් විශේෂ මුදල් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 03 May 2022
කුප්පි ලාම්පුව පෙරැලී සිසුවිය මරුට ලාම්පුවක් දල්වා පාඩම් කරමින් සිටි 16හැවිරිදි සිසුවියක් ලාම්පුව පෙරළී පිලිස්සුම් තුවාල ලබා මියගොස් ඇතැයි කන්කසන්තුරේ පොලීසිය කියයි. 03 May 2022
ගිනි අවි පෙන්වා කප්පම් ගත් අයෙක් එස් ටී එෆ් දැලේ ඉංගිරිය සහ හොරණ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර කප්පම් ගැනීමේ නිරතව සිටි සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (¡¡) භට කණ්ඩායමක් මගින් හොරණ නුගගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 03 May 2022
ඉන්ධන බවුසරයකට පහර දුන් ඉන්ධන ටැංකි හිමිකරුවෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට ඉන්ධන ටැංකි රථ හිමියන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබියදී කොළොන්නාවේ සිට ගොඩකවෙල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයකට මුල්ලේරියාව ගල්වාන හන්දිය ප්‍රදේශයේදී පහර දී අලාභහානි සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්ධන ටැංකි රථ හිමිකරුවකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි . 03 May 2022
පළාත් රැසකට කඩින් කඩ වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 May 2022
සහල් දඩය ලක්ෂ 50යි:මාස හයක් හිරේ පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළ සහල් උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 50 ක දඩයක් සහ මාස 6ක සිරදඬුවමක් පැනවීමේ හැකියාව ඇතැයි එම අධිකාරිය පවසයි. 03 May 2022
නි. නගරාධිපතිගේ පසු ගමන් රියට ලක්ෂ එක හමාරක් සභාවේ කිසිවකු ගමන් නොකරන රථයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාව මසකට එක්ලක්ෂ හතළිස් දහසක් වැය කරන බව ද එයට තම පක්ෂය එකහෙළාම විරෝධය දක්වන බව ද ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පැවැසීය. 03 May 2022
අගමැති මහින්ද යයි? අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 02 May 2022
ෆොන්සේකාගේ හැසිරීමට සජබයෙන් දෝස්මුරයක් කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිදහස් මාවතේ ඊයේ (1) පැවැති සමගි ජන බලවේග මැයි දින සමරු උළෙලේදී පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සරමෙන් ඇද ඔහුට බැන තර්ජනය කළ ඒ පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ එම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී අද (2) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වේ. 02 May 2022
සහල්වලට උපරිම මිලක් දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට්ටුවක් නිකුත් කර ඇත. 02 May 2022
ගාලු මුවදොර විරෝධයට දින 24යි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්විය යුතු බවට බලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති අඛණ්ඩ විරෝධතාවට අදට (2) දින 24 ක් සම්පූර්ණ විය. 02 May 2022
පොලිස් සැරයන්, සැඩ පහරට ගිය සිසුන් දෙදෙනා බේරා ගනී මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසු දෙදෙනෙක් අධික සැඩ පහරට හසුව ගසගෙන යද්දී මහනුවර අස්ගිරිය පොලිසියේ පොලිස් නිල සුනඛ අංශයේ සේවය නියුතු පොලිස් සැරයන් මාපා බණ්ඩාර මහතා විසින් බේරා ගනු ලැබීය. 02 May 2022
අයි.එම්.එෆ් දිරිගන්වන්න චීනය ක්‍රියාකාරී භූමිකාවක ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලා ඉක්මනින් එකඟතාවකට පැමිණීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා චීනය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පවසා ඇත. 02 May 2022
පක්ෂයේ දෙවැනියා පක්ෂ මහා ලේකම් සමගි ජන බලවේගයේ මැයි දින රැලියේ කථික ලැයිස්තුව සකස් කළේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතිව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, තමන්ට ඒ පිළිබඳ චෝදනා නැගීමෙන් පලක් නොමැති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 02 May 2022
මිරිහාන සිද්ධියේ 15කගෙන් පැය පහක් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට පසුගියදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටී පුද්ගලයන් 15 දෙනකු අද (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් පැය 5 ට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලීසිය පවසයි. 02 May 2022
හරින්ගේ හැසිරීම අශෝභනයි සමගි ජනබලවේගයේ මැදි දින රැළියේදී කථික ලැයිස්තුව සකස් කිරීමේදී යම් යම් අඩුපාඩු තිබූ බැවින් ඒ පිළිබඳ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අශෝභන ලෙස හැසුරුණු බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.හ 02 May 2022
‘‘කල් නොමරා හරියට විමර්ශනය කරන්න‘‘ විමර්ශනවල අඩුපාඩු කියමින් කල් නොමරා සිද්ධිය පිළිබඳව හරියට විමර්ශන කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය මෙම සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම අද ප‍්‍රතිෙක්‍ෂප කළාය. 02 May 2022
කුලියාපිටිය ඩිෆෙන්ඩර් අනතුරේ රියදුරුට ඇප යතුරුපැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටී සිදුව තිබූ රිය අනතුර සම්බන්ධව අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් බන්ධුල විජේසිංහ මහතා මුදාහරින ලෙස නියෝග කළේය. 02 May 2022
පොහොට්ටුවට මැයි දින රැළියක්වත් තියාගන්න බැහැ 69 ලක්ෂයක ඡන්දයෙනේ බලයට පත්වූ ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැයි දින සැමරුමක් පැවැත්විමට නොහැකි තරමට අසරණ වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 02 May 2022
හය වැනි දා රටපුරා හර්තාල් ජනපීඩන ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියයි. 02 May 2022
දේශපාලකයන්ට මල්වතු විහාරය තහනම් මින් ඉදිරියට කිසිදු දේශපාලනාඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ. 02 May 2022
ඉන්ධන බවුසර් හිමියෝ වර්ජනය අතහරිති ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 May 2022
තමිල්නාඩු ඉල්ලීමට ඉන්දීය රජයේ කැමැත්ත ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර එවීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජයට අවසර ලබා දී තිබේ. 02 May 2022
ඊළඟ අගමැතිකමට සුදුස්සා ඩිලාන් කියයි පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම බවත් එම අගමැති ධූරය සඳහා තමාගේ මතය අනුව වඩාම සුදුස්සා ඩලස් අලහප්පෙරුම මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 02 May 2022
ගාලු මුවදොරට කැරලි මර්ධනය ඇවිත් යයි ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් පුරා දින 24 ක් අඛණ්ඩව විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසළ වේදිකාවක් ඉදිරිකිරීම වැලැක්වීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකය අද (2) පස්වරුවේ කැඳවීය. 02 May 2022
සමගියත් නි.කතානායක තරඟයට පාර්ලිමේන්තුවේ නව කතානායකවරයකු තෝරාපත් කරගැනීම සඳහා වූ ඡන්දය සඳහා සමගි ජන බලවේගයෙන්ද අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 02 May 2022
කඩදාසි නැතිව ජල බිලත් දුරකතනයට කඩදාසි නිසා ජල බිල ඊ බිල් ක්‍රමය හෝ එස්එම්එස් ක්‍රමය ඔස්සේ ලබාදීමට කටයුතු කරගෙන යන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 02 May 2022
මැයි රැළියේදී ෆොන්සේකා - හරීන් බහින් බස් වීමක් සමගි ජන බලවේග මැයිදින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර බහින් බස් වීමක් සිදුව ඇත. 02 May 2022
ආනයනික සහල් සුපිරි වෙළෙඳසල්වලටත් සතොස වෙළෙඳසල්වල පවතින දැඩි තදබදය පිළිබඳව අවධානය යොමු කර ආනයනික සහල් තොග අළෙවි සඳහා සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර තිබේ. 02 May 2022
ජාතික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක් ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද(02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ. 02 May 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026