වැස්සෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 7,529 කට අයත් 28,263 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 November 2021
කොටුව - මහනුවර දුම්රිය යළි දැනුම් දෙනතුරු අවලංගුයි අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව - මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 09 November 2021
අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමට හෙට සිට යළි අවස්ථාවක් ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව හෙට (10) බදාදා සිට යළි ක්‍රියාත්මක වන බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. 09 November 2021
මාලිගාවත්ත ෆාතිමා ඝාතනයට අනුබල දුන් යුවළ රිමාන්ඩ් මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මෝල්ගසකින් ගසා ඝාතනය කර ගමන් බෑගයක බහා සපුගස්කන්ද ප්‍රදේශයේ කුණු ගොඩකට ගෙනැවිත් දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන අඹුසැමියන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (09) නියෝග කර ඇත. 09 November 2021
උසස් පෙළ අයැදුම්පත් කැඳවීම 20 දක්වා දීර්ඝ කරයි අපොස උසස් පෙළ විභාගයේ (2021) අයැදුම්පත් යොමු කිරීමේ කාලය මේ මස 20 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි 09 November 2021
ගුරුවරු කලාප කාර්යාල ඉදිරිපිට විරෝධයේ රටපුරා අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට අද පස්වරුවේ ගුරු විරෝධතා සංවිධානය කර තිබිණි. 09 November 2021
බසය වෙළට පෙරළී 10ක් රෝහලට දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පහලවවැව ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් ලිස්සා ගොස් වෙළකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් දසදෙනකු තුවාල ලබා දඹුල්ල වීර කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය කියයි. 09 November 2021
ගුරුවරු මාවනැල්ල පොලිසිය වටලති මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කළ බව කියන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ කණ්ඩායම වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මාවනැල්ල කලාපයේ ගුරුවරුන් අද මහ වැස්සේම මාවනැල්ල පොලිසිය වටලා උද්ඝෝෂණයක නිරතවූහ. 09 November 2021
විශ්‍රාමිකයින්ගේ අග්‍රහාර රක්ෂණ යොජනාව අත්හිටුවයි රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීමට කළ යෝජනාව තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය. 09 November 2021
මුතුරාජවෙළ ගැසට්ටුවට ඇමැති පුල්ලෙත් කනස්සල්ලෙන් මුතුරාජවෙල අවට ග්‍රාමසේවක වසම් රාශියක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම පිළිබඳව තමා බලවත් අප්‍රසාදය පළ කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය. 09 November 2021
මලිගාවත්තේ ෆාතිමා ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි මාලිගාවත්ත ප්‍රදේශයේ ෆාතිමා මුන්ටාස් නැමැත්තිය මෝල්ගසකින් ගසා ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සපුගස්කන්ද පොලීසිය විසින් වැල්ලම්පිටියේදී අද (09) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 09 November 2021
“කෝටි 200ක මුදලක් චීන සමාගමට ගෙවන්න සිදුවෙලා’’ චීන පොහොර නැව සම්බන්ධ ප්රශ්නය නිසා රුපියල් කෝටි 200ක මුදලක් චීන සමාගමට ගෙවන්න සිදුවී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 November 2021
‘‘භූමිතෙල් පරිභෝජනය වැඩි වෙලා‘‘ වෙළඳ පොලේ භූමිතෙල් ඉල්ලූම දෙගුණ වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. 09 November 2021
රට පනින්න හැදූ 19 ක් අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කරන පුද්ගලයින් 19 ක් සහ වෑන් රථයක් හලාවත මෝය ප්‍රදේශයේදී අද (9) පෙරවරුවේ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය. 09 November 2021
ආපදා මරණ 11 ක් දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයෑම් ආදිය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. 09 November 2021
මාධ්‍යවේදි ආනන්ද කීර්ති බණ්ඩාරගෙන් පෙත්සමක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග යටතේ රදවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී බව කියමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ඉල්ලා නිදහස් මාධ්‍යවේදියෙකු වන ආනන්ද කීර්ති බණ්ඩාර රත්නායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 09 November 2021
ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් අද දහවල් රෝහල් කීපයක් ඉදිරිපිට උද්ඝෝෂණවල නිතර වූහ. 09 November 2021
නැවත දැනුම් දෙන තුරු මුහුදු ගමන් එපා ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවෙමින් පවතින බැවින් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේත් අද (9) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 09 November 2021
මහ වතුර මැද පැය 16 නතර වූ වාහනය පුත්තලමට ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් පැය 16 කට අධික කාලයක් පාලවිය හා නාගවිල්ලුව ප්‍රදේශවල සිරව තිබු බව පුත්තලම පොලිසිය කියයි. 09 November 2021
'කාබනික පොහොර තීන්දුවට එරෙහිව රසායන පොහොර නිෂ්පාදකයන් කුමන්ත්රණයක' රසායන පොහොර ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කාබනික පොහොර තීන්දුව ආපස්සට හැරවීම සඳහා විශාල ආයෝජනයක් කරමින් ලොකු කුමන්ත්රණයක යෙදී සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 November 2021
සහකාර පොලිස් අධිකාරීවරුන්ට සාධාරණය ඉටු කරනවා සහකාර පොලිස් අධිකාරීවරුන්ට උසස්වීම් පිරිනැමීමේදී යම් නිලධාරියකුට අසාධාරණයක්වී ඇත්නම් ඒ අයට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 November 2021
රථ වාහන දඩ ගෙවීමේ සහන කාලය 14 දා අවසන් සංචරණ සීමා පවනවා තිබීම නිසා තැපැල් කාර්යාලවලින් රථ වාහන දඩ ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය මේ මස 14 වැනිදා (ඉරිදා) අවසන් වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 09 November 2021
කොළඹ දැරියන් තිදෙනකු අතුරුදහන් කොළඹ 12 පදිංචි බාල වයස්කාර දැරියන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ඔවුන්ගේ පියා ඊයෙ (08) පැමිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 09 November 2021
එ.ජා.ප.යෙන් නිවේදනයක් ඉඩම් හානිය සහ වනාන්තර විනාශය 2030 වසර වන විට නැවැත්වීමට සහ ආපසු හැරවීමට පොරොන්දු වන වනාන්තර හා ඉඩම් පරිහරණය පිළිබද ග්ලාස්ගෝ නායකයින්ගේ ප්‍රකාශය පිිගන්නා බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 November 2021
හිනිදුම විහරස්ථානයක හිමිවරුන් 24 කට කොරෝනා හිනිදුම විහාරස්ථානයක හිමිවරුන් 24 දෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් කොවිඩ් මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසිය. 09 November 2021
සපුගස්කන්දේ මරා දමා තිබියදී හමුවූ කාන්තාවගේ රන් බඩු හමුවෙයි අමානුෂික ලෙස ඝාතනය කර බෑගයක දමා සපුගස්කන්ද කසල ගොඩට ගෙනත් දමා තිබූ කාන්තාව පැළඳ සිටි රන් ආභරණ,මුදල් ,ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථය ද සොයාගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි. 09 November 2021
‘රටේ ආහාර හිඟයක් ඇතිවෙමින් තිබෙනවා ’ රටේ ආහාර හිඟයක පෙර නිමිති පහළ වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 November 2021
අගරඳගුරුතුමන්ගේ පෙත්සම සළකා බලන්න දිනයක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිබත් වීම නිසා සිදු වූ සමුද්‍ර දූෂණය හේතුවෙන් සිය ජීවිකාව අහිමි වූ ධීවර ප්‍රජාවට සිදු වූ හානියට වන්දි මුදල් ගෙවන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු පෙත්සම් පහක් ලබන දෙසැම්බර් මස 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීරණය කළේය. 09 November 2021
‘ධිවර වරායන් තවත් පහක් ඉදිකරනවා’ ධීවර වරායන් තවත් 5ක් ඉදිකිරීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 9) පැවැසීය. 09 November 2021
නාරම්මල නිවසකට පස්කන්දක් කඩා වැටී තරුණියක් මරුට නාරම්මල, වෙන්නේරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 09 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026