(රංජන් කටුගම්පොළ සහ නිමන්ති රණසිංහ)
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
එම පෙත්සමේ මෙසේ සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූවෙකු පමණක්ය.
ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉහත සඳහන් කිසිඳු ලැයිස්තුවක නම සඳහන් වූවෙකු නොවේ. ඒ අනුව ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොසුදුසුක් වේ.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විවිධ ක්ෂේත්‍රයන් යටතේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරුවහොත් පක්‍ෂග්‍රාහි සහ උනන්දුව පිළිබඳ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැක.
මෙවැනි ආයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) (ඊ) වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් වේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්කිරීම නීතියට පටහැනි වේ, වේ ව්‍යවස්ථාවට පටහැනි වේ.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මූලික අයිතිවාසිකම් කඩවී ඇත බව ප්‍රකාශ කරන ලෙස, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තර්කය නීත්‍යානුකූල වෙන්න පුළුවන්. ඒත් බැසිල් ආවෙත් ඔය විදිහටමයි, ඡන්දය ඉල්ලුවේත් නෑ වගේම ජාතික ලැයිස්තුවක් තුළ හිටියේත් නෑ. ඒ වෙලාවෙත් මේ අය පෙත්සම් දැම්මද? අනික 2015 සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ සහ සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හැටියට රනිල් පත් කෙරුවේ ඔවුන් එක්ක ඡන්දය ඉල්ලලා නෙවෙයි. ෆොන්සේකා වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලලා පැරදිලා හිටියේ. ව්‍යාපාර ගැන නම් කතා කරන්න එපා. වර්තමාන සහ අතීත පාර්ලිමේන්තුවල අනන්තවත් ව්‍යාපාරික මන්ත්‍රිලා ඉන්නවා සහ හිටිනවා.
එයයි විය යුත්තේ. ගෝඨාභය රාජපක්ෂට මොලේ කලදක් හෝ තියෙනවා නම් ව්‍යවස්ථාවට පටහැනිව මෙවැනි පත්කිරීම් නොකලයුතුයි. රටේ ප්‍රශ්න තව තවත් උග්‍ර වීමට මෙයත් හේතුවක් වන්නට පුලුවන්.
1978 ජේ ආර් ගේ රටම කනපිට පෙරලූ ව්‍යවස්ථාවෙ හැටි මෙහෙම තමයි. කැමති කෙනක් මැතිවරණ ලැයිස්තුවක නැතත් පත්කරගන්න පුළුවන්. සෑම ප්‍රශ්ණයකටම නීතියේ පිලිසරණ පතන්නවෙලා.
ජාතික ලැයිස්තුව තියෙන්නේ කුණු මගඩීන්ව පාර්ලිමෙන්තු යවන්න නෙමෙයි. ඔය මන්ෂ්‍යයා ඉතා අසංවේදී අයෙක්. එයාගේ ව්‍යාපාර ගැනත් එතරම් සුභ දැක්මක් නෑ.
ධම්මික මහතානනී පෙත්සමකින් ඔබ පරාජය උනොත් ඔබේ සියලුම ව්‍යාපාර බංගලිදේශයට ගෙනියන්න. රටේ එවුන්ට හොම්බෙන් යන්න වැඩ කරන්න.
ජනාතා පරමාධිපත්‍යට ගරු නොකරන නයකයො ඉන්න රටක්. චන්දෙදෙන්නෙත් බොරු පොරොන්දු දීල. ඉන්පසු කරන හැම දෙයක්ම මෙ ව් ජනතාවට පිටුපලා
එතකොට කපුටු කාක් පාර්ලිමේන්තු ගියේ කොහොමද ?
මොහු මුල සිටම ජනපතිට උපදෙස් දීපු අයගෙන් කෙනෙක්, රට වැටිල තිබෙන අගාදෙට මොහුත් වග කියන්න ඔනෙ ජතික ලයිස්තුව තිබෙන්නෙ , දේශපාලකයන් නොවන යම් විෂයන් ගැන දැනුම් සහ පලපුරුද්ද ඇති උගත් බුද්ධිමතුන් පර්ලිමෙන්තු ගෙන එන්න , මොහු කොටිපති වියපරිකයෙක් වුනත් මොහුට අර්තික විද්‍යාව පිලිබද තිබෙන උපාදිය කුමක්ද ,? මොහු මෙම තනතුර තම ව්‍යාපාර ව්ලට අවභාවිත නොකරවි කියල , අන්ඩුවට සහ ජනපතිට රටෙ ජනතවට දෙන්න පුලුවන් සහතිකය කුමක්ද? මෙය මෙම ප්‍රශ්නයෙන් රට ගොඩ ගන්න පුලුවන් ආකාරයේ ලිඛිත වාර්ථාවක් හෝ ක්‍රමවෙදයක් ජනාදිපතිට හෝ අගමතිට ඉදිරිපත් කර තිබෙනවාද? අපිට ඔනෙ අලුත් චන්දයක්.