
(අංජුල මහික වීරරත්න)
සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලින් 95%ක් පටන් ගෙන ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී පැවසීය.
රාජ්‍ය අංශයේ ඉදිකිරීම් බොහොමයක් අසාර්ථක වීමට මෙම කාරණය ඍජුව බලපා ඇති බව ද ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා කීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ කමිටුවක් පත් කර මේ පිළිබඳව නිසි සොයා බැලීමක් කළ යුතු බවයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙශපාලුවන්ගෙ ැහිල්ලට ශක්‍යතා සහතිකයක් මොකටද? එහෙම ශක්‍යතා අධ්‍යන හා සහතික ගත්තානම් රට මෙ තත්වයට වටෙවිද?
බන්දුල ගුණවර්ධන මහත්තයලා මේවාට හේතු හොඳහැටි දන්නවා. දැන් බබාලා වගේ තමයි මොකුත් නොදන්නා විදිහට හැසිරෙන්නේ. මේ රටේ අධිවේගී මාර්ග ඇතුළු රජයේ හැම ඉදිකිරීමක් සඳහාම කොන්ත්‍රාත් කරුවන් ඉහළ සිට පහළම දේශපාලකයන් හට දොළ පිදේනි, කොමිස් මුදල් ගෙවීමට සිදුවුණා. බොහෝ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලැබුණේ දේශපාලකයන්ගේ කිට්ටු නෑදෑ හිතවතුන් හට. ඒ නිසා කොන්ත්‍රාත් කරුවන්ට අවශ්‍ය ආකාරයට ඉදිකිරීම් කටයුතු සිදුවුණා. වගකිවයුතු ඇතැම් ඉහළ නිලධාරීන් ඔහේ පැමිණ, නිකන්ම බලා ගියේ ඔවුන්ටද දොළ පිදේනි කොමිස් මුදල් ලැබුණ නිසාවෙන් තමයි. අඩුම තරමේ ගෙයක් ඉදිකිරීමේදී අදාල ප්‍රාදේශීය සභාවේ TO නිලධාරියා ලවා ප්ලෑන් එක මුදල් ගෙවා අන්දවා ගත යුතුයි. එසේ නොකළ හොත්,වැඩේ කෙරෙනවා බොරු. මෙය තමයි මේ රටේ පවතින යථාර්ථය.
අපි 1971 කාලයේ කැරැල්ල කාලයේ සිදුවීම් හා 1988-89 කාලයේ කැරැල්ල දැක්කා නමුත් එම කාලයේ කරපු අපරාධ 2009 සිට මහින්ද ජනාධිපති කරපුදේත් 2019 සිට පොහොර නොදීම වැනි අපරාධ තරමට බරපතළ නැහැ කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශයට කටයුතු කලා. නමුත් ජවිපෙ කැරලි වලින් රටේ පිරිසක් මියගියත් රට මෙතරම් අහේනියට පත්වුනේ නැහැ. රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි
ඔහු මහ බැංකු වංචාවට දොරටු විවර කලේය. අද අප අත් ව්දිනා අර්භූදයේ ප්‍රධන කොටස් කරුවකි. රාජපක්ෂලාගේ මැදමුලන ගුබ්බෑයමේ වත්මන් කසල සෝදකයායි.
කමිටු රනිල් - ගැසට් ඝෝටා
ඉදිකිරීම්වල සිටින ඉන්ජිනේරුවන්ද ඊට පහලින් සිටින සියලුදෙනාම ද ඊට ඉහලින් සිටින අනුමතකරන, යෝජනාකරන අයගේ සිටම බහුතරයම හොර නඩයකි. පිටිසර පාත්වලන ම් 95%ක්ම ඉන්නේ ඔය කියන වගේ හොරුන්. පාරක් කඩා යථාතත්වයට පත්කරන්නේ වලක් තිබෙන ලෙසටමයි. රටේ හැමතැනම මනාව පෙනෙන්නක්. අන් දේවලුත් විවෘතකර ටිකදවසකින්ම ඉදිකිරීම කඩාවැටීම ආරම්භ වෙනවා.එය ඔතන සිටින සියලුම දෙනාගේ සිත් හොදටම දන්නවා. වික්ටෝරියා වගේ දේවල් ලංකාවේ අය කලානම් මෙලහකටත් ඉවරයි. ඉහල සිට පහලටම හොරුමතාමයි.
මුලුරටම කඩා වැටීමට හේතුව පළමුවෙන් කළයුත්තේ රජපක්ෂලා නොමැති පාලනයක් ගොඩනැගීමයි. රාජපක්ෂලා බලයේ සිටින තුරු අපට විදේශ විනිමය නොලැබෙන අතර එමගින් තෙල්, ගෑස් මිලදී ගැනීමට නොහැකි වීමෙන් රට තවතවත් ආර්ථික පරිහානිය කරා ගමන් කරනවා.
ප්‍රධානම හේතුවක් වන්නේ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ සම්මානලාභී ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැනි ආයතනවලට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙනුවට හොර, තක්කඩි දේශපාලන හෙන්චයියන් පත්කිරීම මෙම ව්‍යවසනයට ප්‍රධාන හේතුවක් විය.
බෟද්ධාලොක මාවත SLBC ගොඩනැගිල්ල ලගදි හදල තියෙන්නෙ UDA එකෙන්. හොයන්න ඒ්ක මොකටද හැදුවෙ කියල. දැන් ඒ්කෙන් මොකද කරන්නෙ කියල.
ඉදිකිරීම් විතරක් නොවෙයි ගොඩක් දේවල් අවුල්වෙලා තියෙන්නේ ප්‍රතිපත්තිමය වැරදි තීරණ හේතුවෙන්. හරිදේ කිරිමට සිස්ටම් නොමැති වීම හේතුවෙන්. ඒ වගේම තමයි හරි දේ කරන අය අමාරුවෙ වැටිම. ඒ වගේ දේවල් වෙනස් වුණොත් ඉදිකිරීම් පමණක් නොවෙයි හැමදේම හොඳට සිදුවෙයි. අපේ රටේ නරකයි කියන අය පිටරට ගියාම හොඳට කරන්නේ පවතින ක්‍රමවේද හොඳ නිසා මිස මිනිසුන් හොඳ නිසා නොවෙයි. එබැවින් සිස්ටම් හදන්න සිටින අය ගැලරියට කතා කලොත් තිබෙන හොඳ ටිකත් කඩා වැටෙයි.