(සුමිත් පොතුපිටිය)
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු වරෙන්තුකරුගේ කඩු පහරකට ලක්ව නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
කොස්තාපල්වරයා තවත් පොලිස් සැරයන්වරයකු සමග, අධිකරණය මඟහරිමින් සිටින පයාගල , උතුරු පයාගල, හෙට්ට්වීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගොස් සිටියදී ප්‍රහාරයට ලක්ව ඇතැයි සදහන් වේ.
කලුතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක් සැකකරු විසින් මගහැර ඇති බැවින් නිලධාරීන් දෙදෙනා ඔහුගේ නිවසට ගොස් ඇත. එහිදී පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදුන සැකකරු දොර මුල්ලේ සගවා තිබූ කඩුවක් ගෙන පහරදී කඩුවත් රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
අදාල කොස්තාපල්වරයා වම් අතේ පහල බාහුවට සිදුවූ කැපුම් තුවාල සහිතව නාගොඩ මහ රෝහට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd