වසර 24කට පසු කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක් මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය හෙට (11) වැඩ භාරගැනීමට නියමිතය. 10 November 2021
කතක් මරා කසල ගොඩට ගෙනවිත් දැමූ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් මාලිගාවත්ත ප්‍රදේශයේ ‘පාතුමා මුම්තාස්’ නැමැත්තිය මෝල්ගසකින් ගසා ඝාතනය කළැයි සපුගස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (10) නියෝග කළේය. 10 November 2021
කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය. 10 November 2021
කොවිඩ් ආසාදිතයන් 488 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 10 November 2021
’’රතු නිවේදන තිබියදීත් ඉවත් නොවන අය බලෙන් හෝ ඉවත් කරනවා’’ නායයෑමේ අවදානම් පවතින බවට රතු නිවේදන නිකුත් කර තිබියදීත් ඉන් ඉවත් නොවන පිරිස් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට කටයුතු කරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය. 10 November 2021
ලංගම දෛනික ආදායම කෝටි 5 දක්වා ඉහළට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම කෝටි 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 10 November 2021
’’විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ’’ විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 10 November 2021
දින දෙකකදී ආපදා මරණ 15ක් දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු ධාරානිපාත වැස්සෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් දෙදිනක් තුළ 15 දෙනකු මියගොස් ඇති අතර එක් අයකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 November 2021
කොටහලු මඟුලට ආ 17කට කොරෝනා හක්මන උදුපීල්ලගොඩ මිල්ලගහහේන ප්‍රදේශයේ නිවෙසක පැවැති සාදයකට සහභාගී වු පුද්ගලයන් ගෙන් 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 10 November 2021
නව කුලපති ගැන වෛද්‍ය පීඨ ආචාර්යවරු කනස්සල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා පත් කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි. 10 November 2021
මාවනැල්ල ප්‍රා සභාවේ උප සභාපතිට ඇප මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලු එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනා අද (10 ) ඇප කොන්දේසි මත මුදා හැරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධීකරණයේ මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝගය කළේය 10 November 2021
වාරික නොගෙව්වැයි බසය උස්සලා කිරිවත්තුඩුව නිවසක් ඉදිරිපිට නතර කර තිබූ රුපියල් ලක්ෂ 85 ක් පමණ වටිනා බස් රථයක් බලෙන් රැගෙන ගිය පුද්ගලයන් පස් දෙනකු පැය කීපයක් තුළදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 10 November 2021
ගතවු මාස 10 කදී සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක් කොවිඩ් වසංගතය පැවතිය ද ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 130 ක ආදායමක් උපයා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය 10 November 2021
කඩුගන්නාවේ ගලවිදපු තැන නාය යෑමේ අවදානමක් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ගල විදපු ස්ථානයට පහළින් කන්දේ කොටසක් නාය යෑමේ අවධානමක් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. 10 November 2021
දුමින්ද නාගමුව ඇතුළු 5කට වරෙන්තු අධිකරණයට අපහාස කර, කඩුවෙල අධිකරණයට අලාභහානී සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් කර ඇත 10 November 2021
ශ්‍රී ලාංකික දෙදෙනකුට පද්ම ශ්‍රී සම්මාන ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී සම්මාන’ 2020 වසර සඳහා ප්රදානය ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදී ඉකුත් සඳුදා (8) සිදුකෙරුණු අතර ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනකු එහිදී එම සම්මානයෙන් පිදුම් ලැබීය. 10 November 2021
දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් ගැසී යැයි අයෙක් රිමාන්ඩ් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බයක් ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය අද (10) නියෝග කළාය . 10 November 2021
කෝවිඩ් වෙනුවෙන් අඩුම වියදම් කළ රට ලංකාව ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලාංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 10 November 2021
කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරොධතාවේ අන්තරේ පිරිස සොයයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු වටරවුමේ විරෝධාතාවේ නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 100 ක කාලයක් පුරා රිමාන්ඩ් බන්ධනාගාර පසුවන අන්තරේ කඳවුම්කරු ඇතුලු පස් දෙනකට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා ඊයේ (9) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපිට විරෝධාවේ නිරත ව සිටි අන්තරේ විරෝධාතාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 10 November 2021
අඹ ගසට යටවූ ත්‍රිරෝද රිය නොරෝච්චෝල පනීඅඩිය මාර්ගයේ ධාවනය වූ ත්‍රිරොද රථයක් මතට දැවැන්ත අඹ ගසක් කඩා වැටිමේන් එම ත්‍රිරෝද රිය කුඩු පට්ටම් වී ඇතත් එහි රියදුරු ජිවිතය බේරාගැනීමට සමත් වී අත. 10 November 2021
මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන්ට උපරිම ආරක්ෂාව මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන්ට උපරිම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය. 10 November 2021
අගමැති - ගුරු සංගම් සාකච්ඡා සාර්ථකයි ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගුරුසම්ගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ. 10 November 2021
යුද හමුදා ඉංජිනේරු බලකාය 70 වැනි සංවත්සර සමරයි ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ඉදිරියෙන් සිටින බලකායක් වන ඉංජිනේරු බලකායේ 70 වැනි සංවත්සර උත්සවය පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. 10 November 2021
ඇමැති මහින්දානන්දගෙන් මන්ත්‍රී චම්පිකට එරෙහිව පැමිණිල්ලක් ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළේය. 10 November 2021
වැස්සට කොටු වූ 288ක් නාවික හමුදාවෙන් මුදා ගනියි අධික වැසි තත්ත්වය හමුවේ පැය 48ක කාලය තුළ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 288 මුදාගත් බව නාවික හමුදාව කියයි. 10 November 2021
අනුරාධපුරයේ ගවයන් සිය ගණනක් ගසාගෙන ගිහින් ඇද හැළුණු දැඩි වර්ෂාවත් සමග තලාව ඇල පිටාර ගැලීමෙන් ඇළ දෙපස සිටි ගවයන් සියයකට වැඩි ප්‍රමාණයක් අතුරුදන්වි ඇතැයි ඔයාමඩුව සහ දුනුමඩලාව අවට ගොවීහු පවසති. 10 November 2021
සියලුම ගොවීන් ලබන 16 දා කොළඹට කැඳවනවා රසායනික පොහොර භාවිතය තහනම් කරමින් ගොවි ජනතාවට සිදු කර ඇති හානියට විරෝධය පළ කරමින් ලබන 16 වන දා කොළඹ දී දැවැන්ත විරෝධයක් සිදුකරන බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. 10 November 2021
එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත. 10 November 2021
විශ්‍රාමික පඩි පතට තට්ටු කිරීම අහස පොළොව නුහුලන අපරාධයක් ජීවන බරින් පීඩාවට පත්ව සිටින විශ්‍රාමිකයාගේ වැටුපෙන් රුපියල් 700 ක් කපා ගැනීමට රජය ගත් තීන්දුව අහස පොළෙව නුහුලන අපරාධයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 10 November 2021
තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරයි මාතර මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (10) අලුයම තම බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර නැන්දම්මාට ද පොල්ලකින් පහර දී තුවාල සිදු කර ඇතැයි මාලිම්බඩ පොලීසිය පවසයි. 10 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026