
(අජන්ත කුමාර අගලකඩ)
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපතිවරයා හමුවීමට හවුල් පක්ෂ නවයේ නායකයන් තීරණය කර ඇත.
විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් මෙන්ම, අතුරලියේ රතන හිමියන් ද රුසියානු තානාපති යුරි බී මතිරේ මහතා ඉදිරියේ දින කිහිපයේදී හමුවීමට නියමිතය .
සහන ණය කොන්දේසි යටතේ ලංකාවට ඉන්ධන ලබාදෙන්නැයි ඉල්ලීමක් කිරීමට මෙම පිරිස සූදානමින් සිටින බව හවුල් පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි කොයි රටවල් අමනාප වේදැයි නොසිතා අඟහරු ලෝකයෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට පියවර ගැනීම උචිතයි. බලයක් නොමැති වුවද රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන දේශපාලනඥයින් අගය කළ යුතුයි. ඇතැම් දේශපාලනඥයින් බලා සිටින්නේ තමන් බලයට පැමිණි පසු රට ගොඩ දැමීමටයි. එතෙක් ශ්‍රී ලංකාව නම් රට තිබේදැයි සිතා බැලිය යුතුය.
ඔව් දැන් රුසියාවේ සරණාගතයෝ වෙන එක තමයි හොඳ...
අප්පට සිරි ගජ කිව්වාලු..!!! මරු සෙට් එකක් යන්නේ මේ දේශපාලන මන්දබුද්දික නනත්තාර වෙච්ච් මේ අයගේ මූණු ටික දැක්කාම තෙල් කොහොම වෙතත් රුසියන් තානාපති යූරි මහත්තයාගේ ඇඟේ තියන ලේ ටිකත් හිදිලා යාවි...!!! මේ අය ඉන්න කාලේ මුළු රටම කාබාසිනියා කරන්න කපුටටයි, ගොබ්බයටයි, කබ්බටයි උල්පන්දම් දීලා රටටම කෙළ වුණාට පස්සේ යනවා තෙල් ඉල්ලගෙන...!
මේ තුන්දෙනා කවුද ගණන් ගන්නේ?
හෙමින් හෙමින් නාකි පාර්ලිමේන්තු ශ්‍රීලංකා... තව කෙළවෙනකම් ඉන්න... අන්තිමට යන්න. ලංකාව කෑවා.... අසරණ මිනිස්සු පවු...!
කොහොම හරි මේකට ඛනිජ ටික දාලාදෙන්න අයියේ...
මේක කරන්න ඕනා මේ සෙට්එක නෙමේ.. ජනාධිපති තුමා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පිටින් ජනාධිපති සමග සාකච්ඡාචක් කරන්න දැනටමත් පරක්කු වැඩියි.. මෙයා ජනාධිපති මන්දිරේට වෙලා මොකද කරන්නේ..? රටම ප්‍රතික්ෂේප කරපු අයව දාගෙන... බකන් නිලන් ඉන්නවා අහිංසක මිනිස්සු අනාතයි.. රටේ නීතියක් නැහැ. තෙල් නැහැ... අඩුගානේ සරත් ෆොන්සේකාටවත් දුන්නා නම්...
හාමුදුරුවොයි, ඇබිත්තයින් දෙන්නයි හොම්බෙන් ගියා නේද? හිනාවෙලා මළා...