
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සම්පුර්ණ වසර හයක ධුර කාලය සේවය කිරීමට කැමති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කෙරුණි.
කබ්රාල් මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීම ලැබුවේය.ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පුර්ණ වසර හයක ධුර කාලයක් සඳහා නැවත පත් කරන බවට තවමත් ස්ථිර කර නොමැති බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.
"මම මහබැංකු අධිපති ධුරය භාර ගනිද්දී බලාපොරොත්තු වුණේ නැහැ මාස දෙකක් වැඩකරලා අයින් වෙලා යන්න.එහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තා නම් මම තනතුර භාරගන්නේ නැහැ.මෙම ආර්ථික අර්බුදය මාස දෙකක් ඇතුළත විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමේ.මේ ආර්ථික අර්බුදය යහපත් අතට හැරෙන්න කලින් නරක අතට හැරේවි.මම දිගටම වැඩකටයුතු කරගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ"ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ධුරයෙන් ඉවත් නොකරන ලෙස මහබැංකු හිටපු කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද ඉදිරිපත් කර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.ශ්‍රී ලංකාවට මෙම වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක මුදලක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.
"ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මීට පෙර ලබා ගත්තානම් සහ වසරකට පෙර බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා නම් ශ්‍රී ලංකාවට පීඩාකාරී තත්ත්වයකට මුහුණ නොදී ආර්ථික අර්බුදය කළමණාකරණය කර ගැනීමට හැකියාව තිබුණා"යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දලාල් කියන්නෙත් හිටපු මහ බැංකු නිලධාරියෙක්. මෙම හිටපු මහබැංකු නිලධාරීන්ගේ අක්‍රමිකතා ඉතාමත් විශාලයි, අධිකයි. මේ නිසා තමයි පිටතින් දක්ෂ, අවංක නිලධාරියෙක් පත් වෙනවාට, මහ බැංකුව හිටපු නිලධාරීන් කැමැති නැත්තේ... මොකද ඔවුන්ගේ වංචා, දූෂණ ඔක්කොම හෙළිදරව් වෙන්න ඉඩ තියෙනවා. නන්දලාල්ටත් බැඳුම්කර වංචාව වළක්වා නොගැනීම සහ ඊ.පී.එෆ් EPF අරමුදල් අයථා ලෙස කොටස් වෙළෙඳ පලේ ආයෝජනය කිරීම යන චෝදනා තියෙනවා...
මම හිතන්නේ නැහැ සර් ඔයාව එළවාගන්න තරම් ගොන්කමක් පාලකයින් කරාවි කියලා. දැනට මේ රටේ ජනප්‍රියම පුද්ගලයා ඔබයි. මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි.
එතකොට මෙයා පත්වීම අරන් තියෙන්නේ වැඩ කරන්න තියෙන්නේ මාස තුනයි කියලා නොදැනද? මහබැංකුව ගැන දන්නා ඕනෑම කෙනෙක් දන්නවා මහා බැංකු අධිපති පත්වෙන විදිහ, ධුර කාලය ගැන... බොරු කයිවාරු විතරයි වගේ පේන්නේ...
මෙවැනි දක්ෂ නිලධාරින්ගෙන් ප්‍රයෝජන ගන්න පාලකයින් තවමත් ඉගෙන ගෙන නෑ වගේ. අපේ දක්ෂ නිලධාරීන් වෙනත් රටවලට සේවා සපයලා ඒ රටවල් ඉදිරියට ගෙනයනවා...
රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා දේශපාලකයින්ට වඩා ඔබතුමා කෙරෙහි ජනතාව බලාපොරොත්තු තබා ඇත. අපට අවශ්‍ය වන්නේ දේශපාලකයින් විසින් කරනු ලබන බාධා කිරීම් වළකා දැමීමයි.
නන්දලාල්ගේ කැප් දාලා විනිමය අනුපාත පාලනය කරන හින්දා ලංකාවට ඩොලර් හම්බ වෙන්නේ නෑ. මෙයා කැමති නෑ අපනයන කරුවන්ට විදේශීය ශ්‍රමිකයින්ට දිරි දීමනාවක් දීලා ඩොලර් ගෙන්න ගන්න. ඒක නිසා තමයි මේ තෙල් හිඟය, ගෑස් හිඟය ඖෂධ හිඟය බලපාලා තියෙන්නේ. දිරි දීමනාවක් දුන්නා නම් ලංකාවට අත්‍යාවශ්‍ය ඩොලර් බිලියන දෙකක් විතර තව ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔහුගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා ලංකාව අමාරු තත්ත්වයකට වැටිලා තියෙනවා. තවත් අමාරු තත්ත්වයකට පත්වෙමින් තියෙනවා...
දක්ෂතාවයක් සහ හැකියාවක් ඇති වත්මන් මහ බැංකු අධිපතිවරයාට වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට අවස්ථාව සලසා දිය යුතුය. මෙරට රාජ්‍ය සේවයේ වැඩි පිරිසක් දූෂකයින් සහ වංචා කරුවන් වන නමුත් නන්දලාල් මහතා අවංක නිලධාරියෙකු බව බහුතරයේ පිළිගැනීමය.
සර් වගේ දක්ෂ නිළධාරීන් රටට අවශ්‍යයි....ඔස්ට්‍රේලියාවෙ විශාල පඩියක් ලබාගෙන ඒවත් අත ඇරලා ආවෙ ඔබතුමා රටට තියෙන ආදරේට....
හොරා කාපු ධනය ගැන හරි බදු නොගෙවපු හොරුන් ගැන හරි... වචනයක් කියලා තියෙනවා කවුරු හරි දැක්කාද?
ජාවාරම්කාර අසූචි වලේ එක් පණුවෙක් පමණයිනේ..! අවු. 6ක් නොවේ 60 ක් වුණත් ඉඳිවි...