(යොහාන් භාසුර)
රුපියල අඛණ්ඩව අවම ප්‍රමාණය වීම සහ රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය හේතුවෙන් රට තුළ දැඩි ඖෂධ හිඟයක් සහ ඖෂධ මිල ඉහළ යෑමක් ඖෂධ සැපයුම්කරුවෝ පවසති.
ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය සඳහා දැරීමට සිදුවන පිරිවැය ජනවාරි සිට මේ දක්වා සියයට 80 කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ඖෂධ ආනයනකරුවන්ට රුපියල් කෝටි 4600 ක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ඔවුහූ කියති.
මෙම තත්වය හමුවේ එකම දිනයේ නිෂ්පාදනය කළ එකම කාණ්ඩයේ ඖෂධවල ද මිල වෙනස් වන තත්වයක් උද්ගත වී ඇති බව කියන ආනයනකරුවෝ ඖෂධ මිල පාලනය වන භාණ්ඩයක් වුවද මිල ඉහළ දැමීමෙන් තොරව ආනයනය අඛණ්ඩව පවත්වාගනෙ යා නොහැකි බවත්ය.
ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ඖෂධවලින් සියයට 85 ක්ම ආනයනනික ඖෂධ බවත් හෘද රෝග සහ නිර්වින්දන ඖෂධ, ඉන්සියුලින්, ප්‍රති සර්ප විෂකාරක ආදි ජීවිතාරක්‍ෂක අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව ආනයන කරන බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආනයන කරුවා වුණත් තමන් ගේන ගණනට රුපියලක් හෝ වැඩිය විකුණනවා මිස අඩුවට දෙන්නේ නැත. මේකෙන් බලපෑමක් වෙනවා නම් වෙන්නේ පාරිභෝගිකයින්ට මිස ආනයනකරුවන්ට නොවේ..