
(යොහාන් භාසුර)
රජයේ සේවකයන්ට ලබන සඳුදා (20 වැනිදා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛය නිකුත් කළේය.
රට තුළ ඉන්ධන සැපයීම සිමා සහිත වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගෙන ප්‍රවාහන පහසුකම් සැලසීම ද දුෂ්කර කටයුත්තක් වීම සැළකිල්ලට ගෙන පසුගිය 15 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මගින් සිකුරාදා දින නිවාඩුවට අමතරව ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමාකරන බව එහි සදඟන් වේ.
රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවම කාර්ය මණ්ඩලය තීරණය කිරීම සහ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරියෙක් එම නිලධාරියා පදිංචියට ආසන්නයේ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාල අමාත්‍යංශයේ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.
අවම සේවක සංඛ්‍යාවක් කැඳවන අවස්ථාවේ වුවද සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රම වේදයක් අනුගමනය කළ යුතු බවත් එලෙස සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් සැලසීමෙන් පසු යම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේ නම් පමණක් එම දිනය නිලධාරියාගේ පෞද්ගලික නිවාඩුවලින් අඩු කිරීමට කටයුතු කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන්ව තිබේ.
සේවාමුර ක්‍රමයට හෝ විධිමත් ක්‍රමවේදයට වුවද සේවයට නොකැඳවූ දිනක වුවද සෑම නිලධාරියෙක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය රාජකාරියේ යෙදීමට සූදානම්ව සිටිය යුතු බවත් එක් ප්‍රදේශයක සිට රජයේ කාර්යාලවලට නිලධාරීන් කැඳවීම සඳහා ලංකා ගමනා මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවශ්‍ය බස් රථ ලබාගැනීමට එම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියරව ගත යුතුය.
සේවයට පැමිණෙන නිලධාරීන්ට සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට උපදෙස් දෙන ලෙසත් කාර්යාලය අසළ පදිංචි සේවකයන්ට ආයතනයේ වාහන භාවිතා කර පිරිවැය කළමනාකරණයකින් යුතුව ක්‍රියාකරන ලෙසත් අධිකරණ ක්ෂේත්‍රයට අයත් ආයතන වෙත නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිසමෙන් ද, රාජ්‍ය ව්‍යවසාය සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඉවරයි...!
ගෙදර ඉඳන් වැඩ කරන්න පරිගණක, අන්තර්ජාල, දුරකථන එහෙමත් සපයනවද?
ගෝඨා සහ රනිල් යනකන් රට ගොඩදානවා බොරු... !
කරන්ට් තියේද කියලා තමයි බය, ගෙදර ඉඳන් වැඩ කරන්න..!
මේ එන්න හදන්නේ ලොක් ඩවුන් එකකටද?
මොල 7න් රට කාලා තුන්වේල කන්න දෙන්න එක්කෙනෙකුට බාරදුන්නා. අන්තිමට කබලෙන් ලිපට වැටුණා.
රටකට වෙච්චි දෙයක්..?
රට නම් දිනෙන් දිනම විනාශ මුඛයට යනවා.
ඈවරයි, දෑවරයි තුන් ඈවරයි. වචන තුනයි...
ගෙදර ඉදන් කොහොමද රට ගොඩ නගන්නෙ....අනේ මන්ද මොළ ගේන නැව් මේවා..
රජයේ සේවකයින් ගෙදර ඉඳන් වැඩ කරන්න මොනවද රජයෙන් දීලා තියෙන පහසුකම්...? කොම්පියුටර්, ලැප්ටොප් ඉන්ටෙර්නෙට් පහසුකම් දීලා තියෙනවා වගේනේ කතාව. මොන වැඩද කරන්න කියන්නේ ගෙදර ඉඳන්... ගෙදර වැඩ තමයි කරගන්න වෙන්නේ. රටට අබ සරණයි මේ පාලකයින් නිසා. දැන්වත් දාලා යන්න මිනිස්සු මරන්නේ නැතුව...!
මොන රැවටිල්ලක්ද? කර්මාන්ත ශාලාවක වැඩ ගෙදර සිට කළ හැකිද?
ලොක්කන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න කෝටි දෙකකට වැඩි ජනතාවක් පීඩනයකට පත්කරනවා.
පෙන්ෂන් යනතුරුම ඔවුන්ට නිවාඩු දෙන්න...!
ගෝඨාභය සමග රනිල්... රටත් සමග සෙල්ලම් කරන්න එපා...!
ඵලක් නොමැති තීරණයක්. සති දෙකක නිවාඩුවක් දුන්නා නම් මීට වඩා හොඳයි.
අනේ මේ හැම චක්‍ර ලේඛනයකම තියෙන්නේ එකම අදහස, පාරේ යන වාහනය අබලන් තත්ත්වයක පවතින බැවින් 160km ගමන පැය 04ක කාලය තුළ යා හැකි වන පරිදි උපරිම වේගය 40km/h ධාවනය කරන ලෙසටයි උපදෙස් දී තිබෙන්නේ. හැබැයි මේ චක්‍රලේඛන හදන්නේ දේශපාලඥයින් නොවෙයි, අපි වෙනුවෙන් අපි මිසක් වෙන කවුද?
කොවිඩ් කාලේ රට වැහුවොත් කෝටි ගාණක් පාඩු වෙනවා කිව්වා නේද? මෙහෙම ගියොත් රට වැහුවා වගේ නේද? රටකට කරපු විනාශයක්... මේ දෙගොල්ලන්ම. හොරු අල්ලන්න කියලා මාරුවෙන් මාරුවට ඡන්දෙ ගත්තා දැන් දෙගොල්ලන්ම එකතු වෙලා. බලපුවාම දෙගොල්ලන්ම හොරු. වාසනාවන්ත රටක් නේද මේ කාබාසිනියා කළේ...!
ඉබ්බා දියේ දැම්මා වගේ.. අයිස් පප්පලාට මරු පල්ලම...
අයිස් ගහපු අය දැන් අයිස්පලම් හදලා ගහයි.
අනේ මෙහෙමත් ආණ්ඩුවක්... මේ කාලකණ්ණි එකතුවෙලා රට කනවා.
තම නිවස රජයේ කාර්යාලයක් නොවෙයි. කෙසේහෝ උත්සාහ කරන්නේ විදේශ මුදල් ඉතිරි කර ගැනීමටද විදුළිය ඉතිරි කරගැනීමටද?