(ඉන්දිකා රාමනායක)
පසුගිය මැයි මස 09 දින ඇති වු සිද්ධියට සමගාමිව මීගමුව ප්‍රදේශයේ හෝටලයකට පහර දී ගිනි තබා එහි තිබු මුදල් හා රන් බඩු ඇතුලු දේපළ කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
සැකකරු රුපියල් ලක්ෂ 70කට ආසන්න රන් බඩු හා ඇමරිකානු ඩොලර් 10,000 ක මුදලක් කොල්ල කා ඇති බවද පොලිසිය පවසයි.
මොහු හෝටලයෙන් කොල්ල කෑ රන්බඩු පවුම් 334යි මිලි ග්‍රෑම් 93 ක් වටිනා රන්බඩු කුලියාපිටිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ ආයතනයකට අලෙවි කර ඇති බවත්, ඔහු ඒවා උණුකර තිබියදී සොයා ගෙන ඇත
හොටලයෙන් සොරාගෙන තිබු ඩොලර් 10,000 ක මුදල පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් මාරු කරගෙන ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කටාන, කට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි (36) නැමැති පුද්ගලයෙකි.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා කදාන පොලිසියට බාර දී ඇත.
මොහු අද (17) පස්වරුවේ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහත්හොරු, යන්නේ නැතෙයි බේරාගන්න..?