(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිද්දා (20)සවස 5 ට කොටුව ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත.
ඉන්ධන අර්බුදයත් සමග මතුව ඇති තත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර ,යෝජිත විසි එක්වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ පිරිසක් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඳවයි, වී8 වාහනවල පැමිණෙයි. සාකච්ඡා කරයි, කයි, බොයි, විසිර යයි. රටට වෙන සුගතියක් නම් නැහැ. රට තව එක් පියවරක් අගාධයට යයි.
ඔබතුමා දිවා රෑ නොබලා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරනවා. ඔබතුමාගේ අභීත නායකත්වයෙන් අපේ රට ඉදිරියටම ගෙනයන්න...!